‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී
පැවැත්වූ නමුත් ආරාධිතජනපති අපේක්ෂකයින්ගෙන් පැමිණියේ එක් අයකු පමණි. ඒ සර්ව ජන බලය අපේක්ෂක දිලිත් ජයවීර පමණි.


අවසන් මොහොත දක්වා විවාදය සදහා ආරාධිත අනෙක් අය ඒවි යයි බලා සිටියද ආවේ නැත.
ජනපති අපේක්ෂකයින් අතරින් රනිල් වික්‍රමසිංහ,

අනුර කුමාර දිසානායක,සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ , දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයිට අද දින විවාදයට ආරාධනා කර තිබූ අතර රනිල් ලිඛිතවත්, අනුර වාචිකවත් එම අවස්ථාවට නොපැමිණෙන බව දන්වා සිටි නමුත් ,සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ , දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන අය ආරාධනය පරිදි එතැනට පැමිණෙන බව දන්ව තිබුණි. නමුත් මිනිත්තු 40 ක පමණ කාලයක් තිස්සේ විවාදය වෙනුවෙන් බලා සිටියද එනවා යයි කී අයගෙන් ආවේ එක්කෙනෙකු පමණි.
මීට ඉහත ස්වාධීන රූපවාහිනියේ පැවැති අනුර සජිත් විවාදයටද සජිත් එන බව දන්වා ආවේ නැති අතර ඒ ගැන විශාල කථාබහක්ද මතුවිය.



‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ අද විවාදය නොපැවැත්වූ අතර ජනපති නීතීඥ සාලිය පීරිස් සංවාදයක් ලෙස ප්‍රශ්න යොමු කර දිලිත් සමග කථාකර පිටත් කර හැරියේය.

අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිත වූ නමුත් අපේක්ෂකයින් කර ඇරියේ හේතු නොදක්වමිනි.