melsiripura-incident

මැල්සි­රි­පුර නි‍‍ව­ස­කට හොර රහසේ ඇතුළු වී සිටි­යදී නිවෙස් හිමියා විසින් අල්ලා ගස් බැඳ පොලි­සි­යට භාර­දුන් පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ වැඩ තහ­නම් කිරී­මට කුරු­ණෑ­ගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රයා ඊයේ (05) පිය­වර ගෙන තිබේ.



මෙසේ ගස් බැඳ පොලි­සි­යට භාරදී ඇත්තේ කුරු­ණෑ­ගල මදු­රා­ගොඩ පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකි.



පොලිස් නිල­ධා­රියා එම අව­ස්ථා­වේදී බීමත්ව සිට ඇති අතර ඔහුව ගස් බැඳ භාරදී ඇත්තේද මදු­රා­ගොඩ පොලිස් ස්ථාන­ය­ට­මය. මෙම සිදු­වීම වී ඇත්තේ පෙරේදා (04) අලු­යම් කාල­යේ­දීය.

රාත්‍රී ජංගම මුර සංචා­රක රාජ­කා­රියේ යොදවා සිටි මෙම නිල­ධා­රියා මිතු­රෙකු සමඟ මත්පැන් පානය කිරී­මෙන් අන­තු­රුව මිතුරා ඇරැ­ල­වී­මට සිවිල් ඇඳු­මින් සැරසී යතු­රු­පැ­දි­ය­කින් ගොස් නැවත පැමි­ණෙන අත­ර­තුර මැල්සි­රි­පුර කූර­ටිය ප්‍රදේ­ශයේ නිව­ස­කට රිංගා ඇති බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.



නිවෙස් හිමියා මෙම පොලිස් නිල­ධා­රියා සොරකු යැයි සිතා ඔහුව ගස් බැඳ සොරොකු අල්ලා­ගත්තේ යැයි පොලී­සි­යට දුර­ක­තන ඇම­තු­මක් ඇත. ඒ අනුව මදු­රා­ගොඩ පොලී­සියේ නිල­ධා­රීන් එහි පැමිණ ඇත‍. ගස් බැඳ සිටින්නේ එදින රාත්‍රී රාජ­කා­රියේ යොදවා සිටි පොලිස් නිල­ධා­රි­යකු බව අනා­ව­ර­ණය වී ඇත්තේ එහි­දීය.

රාජ­කා­රියේ යොදවා සිටි­යදී රාජ­කාරි ඉටු­නො­කර බීම­තින් නිව­ස­කට හොර රහසේ ඇතු­ළු­වීම සම්බ­න්ධ­යෙන් මෙම නිල­ධා­රි­යාගේ වැඩ තහ­නම් කිරී­මට පිය­වර ගත් බව කුරු­ණෑ­ගල පොලිස් අධි­කාරී කාර්යා­ලය සඳ­හන් කළේය.

( ගයාන් කුමාර වීර­සිංහ)