midigama-incident

තිදරු පියකු අතින් දූෂ­ණය වූ පහ­ළොස් වියැති බාල­ව­ය­ස්කා­රි­යක පෞද්ග­ලික රෝහ­ල­කදී දරු ප්‍රසූතියක් සිදු කර එම දරුවා හදා­වඩා ගැනී­මට ලබා­දී­මට කළ උත්සා­හ­යක් වාර්තා වීමත් සමඟ එම දැරි­යව දූෂ­ණය කළ පුද්ග­ල­යාව හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට ගැනී­මට මිදි­ගම පොලි­සිය සමත්ව ඇත.

මෙම දැරිය දූෂ­ණය වීම හා ඇය ගැබි­නි­යක බවට පත්වීම දැරි­යගේ මවු­පි­යන් විසින් සඟ­ව­මින් ඇයව දරු ප්‍රසූ­ති­යට සූදා­නම් කර ඇති බවත් දරු ප්‍රසූ­ති­යෙන් අන­තු­රුව නීතිඥ සහාය ඇතිව බිලිඳා හදා වඩා ගැනී­මට වෙනත් පාර්ශ්ව­ය­කට ලබා­දී­මට සූදා­නම් වී ඇති බවත් පොලි­සිය කියයි.



මෙම දැරිය වයස අවු­රුදු පහ­ළො­වයි මාස දහ­යක් වන තැනැ­ත්ති­යකි. වැලි­ගම පොලිස් වසමේ පදිංචි වයස 30ක් පමණ වන තිදරු පියකු විසින් එම දැරි­යගේ මවු­පි­යන් නිවෙසේ නැති අව­ස්ථා­වක මීට මාස දහ­ය­කට පෙරදී දැරි­යව දූෂ­ණ­යට ලක් කොට තිබූ බව පොලි­සිය කියයි. කෙසේ වුවද ඒ සම්බ­න්ධ­යෙන් නීති­මය පිය­වර ගැනීම සඳහා දැරි­යගේ මවු­පි­යන් හෝ වෙනත් අයකු විසින් පොලි­සි­යට පැමි­ණිලි කොට නැති බව ද සඳ­හන් වේ.

කෙසේ වුවද එම දැරිය දරුවා ප්‍රසූති කිරීම සඳහා සුදුසු කාලය උදා­වී­මෙන් පසුව කොළඹ ප්‍රදේ­ශයේ පෞද්ග­ලික රෝහ­ල­කට ඇයව ඇතුළු කර දරු ප්‍රසූ­තිය සිදු කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සලසා දී තිබේ. ඇය බිහි­කර ඇත්තේ බිලි­ඳෙකි. එම බිලිඳා හදා වඩා ගැනී­මට නීති­ඥ­යන් මාර්ග­යෙන් වෙනත් අයකු වෙත පැව­රී­මට උත්සාහ ගැනී­මේදී රෝහල් තොර­තුරු මඟින් නාරා­හේ­න්පිට පොලි­සි­යට ඒ ගැන දැන­ග­න්නට ලැබී ඇත.



ඒ අනුව නාරා­හේ­න්පිට පොලි­සිය මඟින් සිදු කළ විම­ර්ශ­න­ය­කදී අනා­ව­ර­ණය වී ඇත්තේ එම දැරිය දූෂ­ණය වී ඇත්තේ මිදි­ග­මදී බවය. ඒ අනුව විම­ර්ශන කට­යුතු මිදි­ගම පොලි­සි­යට භාරදී තිබේ. මිදි­ගම පොලි­සිය මඟින් ඒ අනුව දැරිය දූෂ­ණය කළ තිදරු පියාව ඊයේ (18) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙම සිදු­වීම සැඟ­වී­මට කට­යුතු කළ එම තිදරු පියාගේ සහෝ­ද­රි­යක ද පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. දැරි­යගේ නිවෙ­සට අයථා ලෙස ඇතුළු වී තර්ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් එම සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය කියයි. මෙම දැරිය දරු­වකු බිහි කිරීමේ තොර­තුරු පොලි­සි­යට වසන් කිරීමේ චෝද­නාව මත දැරි­යගේ මව ද අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. මිදි­ගම පොලි­සියේ ස්ථානා­ධි­පති අසෝක අබේ­ව­ර්ධන මහ­තාගේ මෙහෙ­ය­වීම මත උප පොලිස් පරී­ක්ෂක කුල­රත්න, කාන්තා පොලිස් සැර­යන් (4721) හේරත්, කාන්තා පොලිස් කොස්තා­පල් (9622) ඉසංකා ඇතුළු නිල­ධා­රීහු පරී­ක්ෂණ මෙහෙ­ය­වති.
(වැලි­ගම - අබේ­වි­ක්‍රම ගුණ­රත්න බණ්ඩාරගම බිමල් ජයසිංහ)