ministries-new-anura



 නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපතිවරයා යටතට ද පත්වනු ඇති.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් අතර බෙදී ගොස් ඇති අමාත්‍යංශයන් මෙසේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පත්වන අමාත්‍යංශ
– ආරක්‍ෂක අමාත්‍යංශය
– මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
– බලශක්ති අමාත්‍යංශය
– කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් අමාත්‍යංශය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වන අමාත්‍යංශ
– අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පලාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය
– අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය
– කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය
– වෙළඳ, වානිජ, ආහාර සුරක්‍ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
– සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යංශය

අමාත්‍ය විජිත හේරත් මහතා යටතට පත්වන අමාත්‍යංශ
– බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යංශය
– ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය
– මහජන ආරක්‍ෂක අමාත්‍යංශය
– විදේශ කටයුතු අමාත්‍යංශය
-පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය
-ග්‍රාමීය හා නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය



WhatsApp Image 2024 09 24 at 17.47.27(1) WhatsApp Image 2024 09 24 at 17.47.27

WhatsApp Image 2024 09 24 at 17.47.23 WhatsApp Image 2024 09 24 at 17.47.26(1) WhatsApp Image 2024 09 24 at 17.47.22

WhatsApp Image 2024 09 24 at 17.47.26 WhatsApp Image 2024 09 24 at 17.47.21(1) WhatsApp Image 2024 09 24 at 17.47.23(1) WhatsApp Image 2024 09 24 at 17.47.21

WhatsApp Image 2024 09 24 at 17.47.20(1)