mulleria-incident

ඔහු 41 හැවි­රිදි වියේ පසු­වන පුද්ග­ල­යෙකි. ඔහු පළමු විවා­හයේ බිරිය මිය යෑමෙන් පසුව වසර දෙක, තුන­කට පසු නැවත විවා­හ­යක් සඳහා කාන්තා­වක් සොය­මින් සිට ඇත.

ඒ අතරේ 29 හැවි­රිදි තරු­ණි­යක් මුණ­ගැසී ඇය හා විවාහ වී තිබේ. ඔවුන් දෙදෙ­නාගේ යුග දිවි­යට අද වන විට වසර තුන­හ­මා­රක් ගතව ඇත. එහෙත් එම කාලය ඇතු­ළත කිසිම දිනෙක ඔවුන් දෙදෙනා අඹු­සැ­මි­යන් ලෙස හැසිරී නොමැත.

මේ පිළි­බ­ඳව දෙදෙ­නාම එක්වී තීර­ණ­යක් ගෙන ඇත්තේ සුහ­දව දික්ක­සාද වීම­ටය. ඒ සඳහා මෙම අඹු­සැමි යුවළ වැල්ල­ම්පි­ටිය පොලි­සිය වෙත පැමිණ පැමි­ණිල්ල කර සිටි­යහ.



සැමියා සහ බිරිය යන දෙදෙ­නාම කැමැ­ත්තෙන් දික්ක­සාද වීම සඳහා පොලි­සියේ අව­ස­රය පැතූහ.

මෙහිදී විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා විසින් දෙදෙ­නා­ගෙන්ම කරුණු විමසා නැවත වෙන වෙනම ඔවුන් සමඟ සුහ­දව සාකච්ඡා කොට තිබේ. එහිදී හෙළි වී ඇත්තේ විවාහ වී ගත කළ පසු­ගිය වසර තුන­හ­මාර ඇතු­ළ­තදී ඔවුන් අඹු­සැමි සබ­ඳතා පවත්වා නොමැති බවය.

සැමියා පවසා ඇත්තේ තම බිරි­ය­ගෙන් ඒ සඳහා එක­ඟ­තා­වක් නොලැ­බෙන බවයි. බිරිය පවසා ඇත්තේ මීට ඉහ­තදී තම යෙහෙ­ළි­යක් විසින් විවාහ වීම අති­ශය භයා­නක දෙයක් බවත් එහිදී අමි­හිරි සහ ඉතා වේද­නා­කාරී අත්දැ­කී­ම­කට මුහුණ දීමට සිදු­වන බවත්ය.

එදින පටන් තමා විවාහ වීමට ඉතා බියක් දැක්වූ බව ද අඹු සැමි සබ­ඳතා පැවැ­ත්වීම සඳහා මනස සකස් කර ගැනීම අසීරු කාර්ය­යක් බවත් ඒ කෙසේ වෙතත් තමා සැමි­යා­ටත්, සැමියා තමා­ටත් ආද­ර­යෙන් සිටි බවත් ප්‍රකාශ කර තිබේ.



ඒ අනුව දෙදෙ­නාම කැමැ­ත්තෙන් නීති­යෙන් විවාහ වීම සඳහා දික්ක­සාද නඩු­වක් පැව­රී­මට පිය­වර ගෙන තිබූ බව පොලි­සිය පව­සයි.

ස්ථානා­ධි­ප­ති­ප­ති­ව­රයා පවසා සිටියේ මෙවැනි මිථ්‍යා මත පතු­ර­ව­මින් කවු­රුන් විසින් හෝ කර ඇත්තේ බර­ප­තල සමාජ අප­රා­ධ­යක් බවත් මෙම සිද්ධිය නිසා අහිං­සක පවු­ලක් කඩා­බි­ඳ­වැ­ටී­මක් වූ බවත්ය.
(මුල්ලේ­රි­යාව සිරි­සේන ගමගේ)