namal-family-flee

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මීට දින කිහිපයකට උඩදී ඉන්දියාවටද, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අද උදෑසන ඩුබායි හරහා ඇමරිකාවටද යාමට රටින් පිටවූ බව මීට පෙර වාර්තා විය. ඔවුනට අමතරව රාජපක්ෂ පවුලේ තවත් කිහිපදෙනෙකුද අද (20) ශ්‍රී ලංකවෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.


ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දණිය (ලිමිණිගේ මව), නාමල්ගේ දරු දෙදෙනා සමග අද  09/20 දින 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 යානයෙන් පිටව ගොස් ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ "සේද මාවත " (Silk Route ) පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් තිබෙන බවත් සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවකද එම කණ්ඩායමට ඇතුළත්ව ඇති බවත් අනාවරණය විය.



එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් අය කරන සේද මාවත පර්යන්තය ඔස්සේ ඔවුන් අදාළ ගුවන් යානය වෙත පිවිස තිබුණි.මීට ඉහත අද අලුයම් කාලයේ බැසිල් රාජපක්ෂ ගියේද මෙම පර්යන්තය ඔස්සේය.ඇමෙරිකාව වෙත ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඩුබායි වෙත ගොස් බොහෝ විට ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසීය .