negombo-incident

මීග­මුව අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ ආය­ත­නයේ ව්‍යාපෘ­ති­ය­කට පැමිණි චීන ජාතික ඉංජි­නේ­රු­වාගේ රුපි­යල් එක්කෝටි හත­ළිස් එක් ලක්ෂ­යක (1,41,00000) මුද­ලක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඔහුගේ ප්‍රකාශ ලබා­ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පවිත්‍රා පති­රණ මහ­ත්මිය ඊයේ (13) නියෝග කළාය. පෑලි­ය­ගොඩ පොලි­සිය විසින් මෙම සිද්ධි­යට අදා­ළව කරුණු වාර්තා කිරී­මේදී මෙලෙස නියෝග ලබා දුන්නාය. පැමි­ණි­ලි­කාර පාර්ශ්වය වන චීන ජාතික යුවාන් යොන්ග් ශින් නමැති ඉංජි­නේ­රුවා ලංකාවේ සිටී­මට අවශ්‍ය වීසා කල් ඉකුත් වීම නිසා චීනය බලා පිටත්ව ගොස් ඇති බව පෑලි­ය­ගොඩ පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.



පාතාල නායක ඌරු චුවා සහ සමන් විදේ­ශ­ගත චමි­න්දගේ ගෝලයා වන අමිල සුරං­ජිත් සහ දෝන් පුෂ්ප කුමාර මෙම සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් වන බවත් ඔවුන් සිර­ගත කර දැනට ඇප මත මුදා හැර සිටින බවක් පොලි­සිය අධි­ක­ර­ණ­යට දැන්වීය. මොවුන් මෙම මුදල් පැහැ­ර­ගෙන සුඛෝ­ප­භෝගී වාහන තුනක් ද මිල­දී­ගෙන ඇති බවට ද පෑලි­ය­ගොඩ පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළේය.පැමි­ණි­ලි­කාර පාර්ශ්වය වෙනු­වෙන් ඊයේ දින ඔහුගේ යහ­ළු­වකු වන චීන ජාතික හුවැන්ග් සිකායි (HUANG ZHIKAI)අධි­ක­ර­ණ­යේදී සාක්ෂි ලබා දුන්නේය. කැල­ණියේ නවා­තැන් ගෙන සිටි චීන ජාති­ක­යාගේ නිවසේ දොර කඩා ඇතුළු වී නිවා­සය බිඳ රුපි­යල් එක්කෝටි හත­ළිස් එක් ලක්ෂ­යක මුද­ලක් සහ වටිනා මැණික් ගල් අල්ලන ලද රත්ත­රන් භාණ්ඩ පැහැර ගෙන ගොස් තිබූ බව ද පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.



අධි­ක­ර­ණ­යේදී පැමි­ණි­ලි­කාර පාර්ශ්වය වෙනු­වෙන් සාක්ෂි විම­සී­මේදී විත්ති­කාර පාර්ශ්වය නිර­න්ත­ර­යෙන් බාධා ඇති කළ අතර පැමි­ණි­ලි­කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා පවසා සිටියේ ජාත්‍ය­න්තර නඩු­වක් වන මෙහිදී මෙසේ ක්‍රියා කිරීම නුසු­දුසු බවය.

සාක්ෂි­කරු වෙනු­වෙන් චීන භාෂා පරි­ව­ර්ත­ක­යකු ලෙස මහා­චාර්ය නද­ල­ග­මුවේ ධර්ම­රාජ හිමියෝ අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.
(කල්පනි අබේ­සිංහ)