new-posts-anura

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනතුරු කිහිපයක් පත් කර තිබේ.




නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇති අතර
 හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසද පත්කර තිබෙයි.

නව ආරක්ෂක ලේකම්වරයා වන එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත මහතා වසර 33 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2021 නොවැම්බර් 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගියේය.
1966 නොවැම්බර් 26 වැනිදා කොළඹදී උපත ලැබූ තුයකොන්ත කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකි.



මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වූ  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය.