ol-results

දරු­වන්ගේ විභාග ප්‍රති­ඵල මුහු­ණු­පොතේ පළ කරද්දී ප්‍රති­ඵල සට­හනේ දරු­වාගේ ජාතික හැඳු­නු­ම්පත් අංකය සහ නම පළ කිරී­මෙන් වළ­කින ලෙස කුරු­ණෑ­ගල කොට්ඨාස අධ්‍යා­පන අධ්‍යක්ෂ විපුලි විදා­න­ප­ති­රණ මහ­ත්මිය මවු­පි­යන්ව දැනු­වත් කර සිටී.



ජාතික හැඳු­නු­ම්පත් අංකය සහ සම්පූර්ණ නම ප්‍රසිද්ධ කිරීම තුළින් අන්ත­ර්ජා­ලයේ සැරි­ස­රන හැක­ර්ව­රුන්ට එම තොර­තුරු පහ­සු­වෙන් ලබා­ගෙන විවිධ අක­ට­යු­තු­ක­ම්වල නිරත විය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

හැක­ර්ව­රුන්ට දරු­වන්ගෙ බැංකු ගිණු­ම්ව­ලට පිවිස මූල්‍ය වංචා පවා සිදු කළ හැකි බව පව­සන විදා­න­ප­ති­රණ මහ­ත්මිය, මීට අම­ත­රව දරු­වන්ට හානි­කර වෙනත් අක­ට­යු­තු­කම් සඳහා පවා දරු­වන්ගේ මෙම තොර­තුරු යොදා­ගත හැකි බැවින් මුහු­ණු­පොතේ විභාග ප්‍රති­ඵල පළ කිරී­මේදී එම තොර­තුරු බාහි­ර­යට නොපෙ­නෙන ආකා­ර­යට පළ කිරී­මට පිය­වර ගන්නා ලෙස ද දැනුම් දෙයි.



මේ ආකා­ර­යට අන්ත­ර්ජා­ලය හරහා ලබා­ගන්නා තොර­තුරු මාර්ග­යෙන් දරු­වන් සම්බ­න්ධ­යෙන් හැක­ර්ව­රුන් විසින් කරන ලද අක­ට­යු­තු­කම් පිළි­බඳ තොර­තුරු බොහෝ­ම­යක් අනා­ව­ර­ණය වී ඇති බව ද විදා­න­ප­ති­රණ මහ­ත්මිය පෙන්වා දුන්නාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ වන විට නිකුත් වී තිබෙන අතර එම ප්‍රති­ඵල බොහෝ­ම­යක් අන්ත­ර්ජාල ගිණු­ම්වල ප්‍රසිද්ධ කර­මින් තිබෙන ආකා­රය දැක­ගත හැකිය.
(පුෂ්ප­කු­මාර ජය­රත්න)