මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායක් කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයට ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ව්‍යාජ සහතික, හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර සකසන හොර කච්චේරියක් වටලා පස් දෙනෙකු පෙරේදා (09) සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්තේය.මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සමග සැක පිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකුගෙන් හෙළි වූ තොරතුරු මත පොලිස් නිලධාරීන් කණ්ඩායම මෙම වැටලීම සිදු කර ඇත.
එහිදී ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත්‍ර 168 ක්, උපාධි සහතික, ආදායම් බලපත්‍ර, උප්පැන්න, විවාහ, මරණ සහතික, තාවකාලික රියදුරු බලපත්‍ර, බදු ගිවිසුම්, ඔප්පු, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සහතික, රියදුරු බලපත්‍ර වල අලවන ස්ටිකර්, එන්. වී.කිව් සහතික ආදී හොර ලිපි ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් පොලිසිය සොයා ගෙන ඇත.එම සියලු ලිපි ලේඛන සැබෑ ඒවා ලෙස පෙනෙන ආකාරයට ඉතා සූක්ෂම ලෙස සකස් කර තිබෙන බව පොලිසිය කියයි.රියදුරු බලපත්‍රයක් සෑදීමට රුපියල් 25000ක් ජාතික හැඳුනුම්පතකට රුපියල් 20000 ක් උපාධි සහතිකයකට රුපියල් 30000 ක් උප්පැන්න, විවාහ, මරණ සහතිකයකට රුපියල් 15000 ක් ආදී වශයෙන් මුදල් ලබා ගෙන ඇති බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
එසේ ලබා ගන්නා ලද රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒවා සෑදීමට යොදා ගත් ලැප්ටොප් පරිගනකයක්, ස්කෑන් පහසුකම් සහිත මුද්‍රණ යන්ත්‍ර 02 ක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණකයක් හා මොනිටර් 02 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් 2017 වසරේ සිට වස්ඇප් හා ඊ මේල් උපයෝගී කර ගෙන මහා පරිමාණයෙන් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරුවන් කඹුරුපිටිය, පිලියන්දල, පාදුක්ක හා මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
0 Comments