parliament-road-accident

 පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබේ.මෙම ඩිෆෙන්ඩර් රථය අනතුරට ලක්ව තිබුණේ, අද (25) උදෑසන 05.30ට පමණය.
නව ආරක්ෂක ලේකම්වරයාට අයත් පරිවාර රථයක් වන මෙම රථය අනතුර ලක්ව ඇත්තේ  රියදුරු යමින් සිටි අවස්ථාවක බවත් වාර්තාවේ.


අනතුර හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
රථය පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින අතරතුර ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබුණි.
අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැත.අධික වේගයෙන් රථය ධාවනය කළ නිසා වගුරු බිමට රථය වැටෙන්නට ඇතැයි විහ්වාස කෙරේ. රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.
 යුද හමුදාවේ මැදහත් වීමෙන් රථය ගොඩ ගැනුණේ පැය දෙකකට ආසන්න කාලයකට පසුවයි.