piliyandala-incident

සිය පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් අපයෝජනය කිර්මට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු දැරිය අත්හැර දමා පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි.පිළියන්දල, නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.අදාළ දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාර්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කිසිදු හිරිහැරයකට ලක්ව නොතිබූ බවට අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.




සැකකරු පෙරේදා (22දා) මත්පැන් සාදයකට සහභාගී වී එම ප්‍රදේශයේ අඩක් වැඩ නිම කරන ලද දැරිය පදිංචි දෙමහල් නිවස අසලට පැමිණ නිවසට ඇතුළු වී දැරියගේ පියා සමග සාලයේ එකම ඇඳේ නිදා සිටි දැරිය ඔසවාගෙන ජනේලයෙන් පිටතට පැමිණ මීටර් දෙසීයක් පමණ ඈතින් තිබෙන පුරන් කුඹුරුයායේ තාප්පයක් අසලට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ අතර දැරියගේ මවට සාලය දෙසින් යම් ශබ්දයක් ඇසී ගොස් බැලීමේදී සැමියා සමග  ඇඳෙහි නිදා සිටි දරුවා එහි නොමැති බව දැක කෑගසමින් සිදු කළ සොයාබැලීම්දී නිවස අසල පුරන් කුඹුරු යායක දමා ගොස් අත්හැර දමා ගොස් සිටි දියණිය සොයා ගැනීමට සමත් වී ඇත.




සිද්ධිය පිළිබඳ පිළියන්දල පොලීසියට පැමිණිලි කිර්මෙන් පසු සිදු කළ විමර්ශනවලදී දැරියගේ නිවසට මීටර් 400 ක් පමණ දුරින් වු නිවන්තිඩිය, සියඹලාගහවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය සඳහන් කරයි.දැරිය පියාට හමු වූ ස්ථානයේ වැටී තිබූ සෙරෙප්පුව සැකකරුගේ මවට පෙන්වීමෙන් අනතුරුව එය තම පුතාගේ සෙරෙප්පුවක් බවට තහවුරු කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. පොලීසිය එම ස්ථානයට පැමිණීමට විනාඩි කිහිපයකට පෙර සැකකරු එම ස්ථානයට පැමිණ දැරියගේ මව පියා සහ ගම්වාසීන් සමග දැරිය රැගෙන ගිය පුද්ගලයා සොයා ඒ මේ අත සක්මන් කරමින් දැරිය සොයා ඇතැයිද ගම්වාසීන් පොලීසිය හමුවේ පවසා ඇත.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ