ජනාධිපතිවරණයට පෙර උතුරේ පෞද්ගලික සූරිය හා සුළං බලාගාර තුනකට බලපත්‍ර ලබා ලබා දීමට රජය සූදානම් වන බවට ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වීම නිසා එම කොමිෂන් සභාව ක්‍රියාත්මක නොවන අතර ඒ හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහ සාමාජිකයන්ගේ නිල කාලය ඉකුත් ජූලි 17 වැනිදායින් අවසන් වූ අතර
මේ වන විට එම කොමිෂන් සභාව පුරප්පාඩුව පවතී. මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය කතානායකවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ හිටපු සභාපතිවරයා සහ සාමාජිකයන් සියලු දෙනා රාජකාරිය පැහැර හැරීම, රාජකාරිය ඉටු කිරීමේ හා වෘත්තීය නිපුණත්වයෙන් අඩුපාඩු පැවැතීම, අනීතික මූල්‍ය ගනුදෙනු සිදුකිරීම ඇතුළු වරදවල් සිදු කර ඇති හෙයින් ඔවුන් කිසිවකුත් යළි කොමිෂන් සභාවට පත් නොකරන ලෙසය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරනුයේ මහජන උපයෝගීතා කොමිෂන් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ දූෂිත නිලධාරියෙකු පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද 3 පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයන් පත් කිරීම ගැන තීරණයක් ගනු ඇතැයිද වාර්තාවේ.
රංජන් කස්තුරි
0 Comments