අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි කියන, ගුවන් හමුදා සෙබළකු සමග හෝටලයක රාත්‍රියක් ගත කර, පසු දින සිය විවාහක සැමියා සමග පැමිණ තමා නාඳුනන තිදෙනකු මුහුණට කිසියම් ද්‍රව්‍යයක් තවරන ලද ලේන්සුවක් අල්ලා සිහි නැති කර, මෝටර් රථයක දමාගෙන පැහැරගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කළේ යැයි කියන හමුදා සෙබළියකට එරෙහිව
නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි පුත්තලම මූලස්ථාන පොලිසිය සදහන් කරයි.පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෙරුණු නියෝගයක් අනුව එම ගුවන් හමුදා සෙබළියට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි. හමුදා සෙබළියගේ නීත්‍යනුකූල විවාහක සැමියා ද ගුවන් හමුදා සෙබළෙකි.
සිය ගුවන් හමුදා සෙබළ බිරිය අතුරුදන්ව සිටින බවට ඇයගේ ගුවන් හමුදා සෙබළ සැමියා පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.දරුවන් ද සිටින මෙම ගුවන් හමුදා සෙබළිය කලක සිට අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි කියන සෙබළා නැගෙනහිර පළාතේ ගුවන් හමුදා කඳවුරක රාජකාරි කරන්නකු බවට හෙළි වී ඇත.මෙම සෙබළිය සමග ගොස් ලබාගත් සෙල්ෆි ඡායාරූප රැසක් ද අනියම් සෙබළාගේ ජංගම දුරකතනයේ තිබෙන බව පොලිසිය සඳහන් කළේය.
සෙබළිය, ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන ගුවන් සෙබළා සමග කලින් යොදාගත් සැලැස්මකට අනුව ඔහුගේ පියාට අයත් මෝටර් රථයෙන් ගොස් එදින රාත්‍රිය ගත කර,
පසු දින උදෑසන නිකවැරටිය මූලස්ථාන පොලිසියට ගොස් ඇයගේ අනන්‍යතාව ද හෙළි කර, කිසියම් කණ්ඩායමක් තමන් පැහැරගෙන ගිය බව දැනුම් දී පොලිසියේ දුරකතනයෙන් සිය ගුවන් හමුදා සෙබළ සැමියාට සිද්ධිය කෙටියෙන් දැනුම් දී ඇත.පසුව සෙබළ සැමියා ද සමග සෙබළ බිරිය පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණ තිබේ.
තමා රාජකාරි කරන ගුවන් හමුදා කඳවුරට යතුරුපැදියෙන් යන අතරවාරයේ, මෝටර් රථයකින් පැමිණි නාඳුනන තිදෙනකු ලේන්සුවක් මුහුණට තබා සිහි නැති කර, පැහැරගෙන ගිය බව, ගුවන් හමුදා සෙබළිය පොලිස් නිලධාරීන් සමග පවසා ඇතැයි කියති.නොදන්නා ප්‍රදේශයක පාළු නිවෙසකට කැඳවාගෙන ගොස් එහි සිර කර තබාගෙන අතවර කළ බවත්, පසු දින එම මෝටර් රථයේ දමා ගෙන රැගෙනවිත් නිකවැරටිය ප්‍රදේශයේ අතහැර දමා, ඔවුන් තිදෙනා පලා ගිය බවත් ගුවන් හමුදා සෙබළිය වැඩිදුරටත් තොරතුරු හෙළි කරමින් පැවැසී යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුවන් හමුදා සෙබළියගෙන් ඇය පැහැරගෙන ගිය මාර්ගය අසා දැනගෙන එම මාර්ගය දෙපස පිහිටි වෙළෙඳසල් සහ නිවාසවල සීසීටීවී කැමරා කිහිපයක රූප රාමු පරීක්ෂා කර බැලීමේදී, ඇය පැහැරගෙන යෑමට යොදාගත්තේ යැයි කියන මෝටර් රථය හඳුනාගෙන, එහි අයිතිකරු වන පනස් එක් හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන, එම මෝටර් රථය ද පොලිස් භාරයට ගනු ලැබීය.තම පියා අත්අඩංගුවට ගත් බව දැනගත් අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බව කියන සෙබළා, නීතිඥයකුගේ මාර්ගයෙන් පෙරේදා පුත්තලම මූලස්ථාන පොලිසියට භාර වී ඇත. පැහැරගෙන ගියේ යැයි කියමින් පොලිසියට ප්‍රකාශයක් ලබා දුන් ගුවන් හමුදා සෙබළිය නීතිඥයකුගේ මාර්ගයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ බව පොලිසිය සඳහන් කළේය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments