පළාත් සභා නවයට බලතල මෙන්ම සංවර්ධන බලතල ලබාදෙන බවත්, ඒ සඳහා විශේෂ ආයතන ඇති කරන බවත්, එය පළාත් සංවර්ධන මණ්ඩලය ලෙස එය හඳුන්වා දෙන බවත් ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.'යාපනයට ගංගාවක්’ නමැති වැඩසටහන ක්‍රියාත්මක කරන, එමෙන්ම ඩිජිටල් මධ්‍යස්ථාන ඇති කරන බවද ඔහු කීවේය.යාපනයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. උඩුප්පිඩි සහ වඩුක්කොඩෙයි ප්‍රදේශයේ මෙම ජන රැලි පෙරේදා (07දා) පැවැත්විණ. ජන රැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
"අපේ සැලැස්ම ඉදිරිපත් කර ඔබේ වටිනා ඡන්දය ඉල්ලන්න අප පැමිණ තිබෙනවා.අප 2010 ජනාධිපතිවරණයට මෙහේ ආවා. අප එහිදී ෆොන්සේකාට ඡන්දෙ දෙන්න කියා මෙහි ජනතාවට කිව්වා.මෙහේ ජනතාව ෆොන්සේකා ඡන්දය දුන්නා. දකුණේ අය මහින්දට දුන්නා.මහින්ද දිනුවා.නමුත් ඔවුන් මෙහෙ අයට ගැහුවාද? මුකුත් සිදු වුණේ නැහැ. අන්තිමට ඩග්ලස් දේවානන්දා ඇමතිවරයෙකුත් වුණා .2015 සිදුවුණේ මොකක්ද? අපි ඔක්කොම මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න කියා කිව්වා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්ද දුන්නා.ඒ අවස්ථාවේ අප දිනුවා. මුකුත් වුණේ නැහැ. 2019 දී උනේ මොකක්ද?යාපනයේ අය සජිත්ට දුන්නා. සිංහල මිනිස්සු ගෝඨාභයට දුන්නා.නමුත් ගෝඨාභය හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ.හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලය අප පිළිඅරගෙන තිබෙනවා.
ලොකුම ප්රශ්නය වෙලා තිබුණේ තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙවීමයි. මම ජනාධිපති ධුරය බාර ගත්තේ එවැනි ස්ථාවර බවක් ඇතිකර වසර දෙකක් ඇති ගතවීමට පෙර ජනාධිපතිවරණය පවත්වන්නයි. මම රටේ ස්ථාවර බව ඇති කර තිබෙනවා. ආර්ථිකය හදාගෙන යනවා.දැන් තියෙන්නේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්නයි.අනාගත සංකල්පය වන්නේ පුළුවන් ශ්‍රී ලංකා යන්නයි.ඒ අමාරු තීරණ අතර මට මූල්‍ය අරමුදලට යන්න තිබුණා.ඒ කාලයේදී අපේ ණයබර වැඩිවී තිබුණා.ආර්ථිකයට දරාගන්න බැරි ණය බරක් එකතු වී තිබුණා.ඒ කාලේ ජීවත් වූ හැටි මතකද?
තුන්වේලක් තියා දෙවේලක්වත් කන්න අමාරු උනා.අමාරුවෙන් ජීවිතය ගෙන ගියා.එහෙත් දැන් ආර්ථිකය නැවත ශක්තිමත් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.සේවකයන්ට පඩි වැඩි කරගෙන යනවා.හැම අතින්ම ආධාර වැඩිකර තිබෙනවා.එයින් ආර්ථිකය ශක්තිමත් කරගන්න හැකි වුණා. ඒ වගේම බඩු මිලත් අඩුවී තිබෙනවා.සියයට 10-40 අතර ගණනකින් බඩු මිල අඩුවන්නට තියෙනවා. තව ඉදිරියටත් අපට සහන දෙන්න තිබෙනවා.තවමත් ජීවන බර වැඩියි.ජීවන බර වැඩි වූ නිසා රුපියල ශක්තිමත් කර ජීවන වියදමට සහනයක් දෙන්න අප බලාපොරොත්තු වෙනවා. 2025 අවුරුද්ද ඇතුළත අප එය කරනවා. රුපියල ශක්තිමත් වීමත් සමග ඔබට ඒ සහන ලබා දෙන්න හැකියාව තිබෙනවා. ජීවන වියදම වැඩි වීමේ දුක වැඩියම දන්නේ අපේ කාන්තාවන්.ගෙදර අයවැය බලාගන්නේ ඔබයි.ඔබලා අමාරුවෙන් ගෙදර පාලනය කළා.කවුරුවත් ලේසියෙන් ගෙදර පාලනය කරන්නෙ නැතුව ඇති." යනුවෙන් ජනාධිපතිවරයා කීවේය.
(නවෝද්‍යා පවනි)
0 Comments