ranil-speaks

සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් ඇති බවත්, එහි කරුණු පරස්පර බවත්, ඔහු පිළිගන්නේ කුමන ප්‍රතිපත්තිය ද යන වග ප්‍රකාශ කළ යුතු බවත්, ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.තමන් අනුමත කරන්නේ ආනයන ආර්ථිකයද? අපනයන ආර්ථිකයද? යන ප්‍රශ්නයට ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව ඔහු කීවේය.


දෙවැනුව තමන් ඉදිරිපත් කළ දූෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවාද? නැද්ද? යන්න පිළිබඳව හා එසේ නොමැති නම් දූෂණ මර්දනය කිරීමේ වැඩසටහන එක නීතියකට ලඝු කරනවා දැයි යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදිය යුතු බව ද ඔහු කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හපුතලේ,මඩකළපුවේ ඔට්ටමාවඩි සහ කල්කුඩා ප්‍රදේශවල පැවැත්වුණු ජනරැලිවලදී ඔහු මෙම අදහස් දැක්වීය. රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.


"මට සජිත්ගෙන්  අහන්න එක ප්‍රශ්නයක් තිබෙනවා. ඔහුට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකක් තිබෙනවා.එහි කරුණු පරස්පරයි. මේ දෙකෙන් තෝරා ගත යුත්තේ කුමක්ද?


අපනයන ආර්ථිකයක් ඇති කරන්න මා බලාපොරොත්තු වුණා.අපනයන කර්මාන්ත ඇති කරන බව අනුර කුමාරත් කැලණියේදී පැවැසුවා. නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව අනුර කුමාර කියනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම් නැතුව අපනයනය කරන්නේ කොහොමද? අපනයන කර්මාන්ත සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබිය යුතුයි.ඒවා අහෝසි කරන බව අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.


ආනයනය - අපනයන ප්‍රශ්නයට පිළිතුරු නුදුන්නත් මා යාපනයේ කළ කතාවට අනුර පිළිතුරු දී තිබුණා.

මේ රටේ ජනතාව දැනගත යුතු කාරණයක් තිබෙනවා. ඔබ යන්නේ අපනයන ආර්ථිකයකටද? ආනයන ආර්ථිකයකටද


අපනයන ආර්ථිකයකට යන බව අනුර කියනවා. ආනයන ආර්ථිකයකට යන බව සුනිල් හඳුන්නෙත්ති කියනවා.බැඳුම්කරය ගැන චෝදනා කර තිබුණා. බැඳුම්කරය ගැන විභාග කරන්න කිව්වේ මම. අප කොමිසමක් දැම්මා.බැඳුම්කරයට වැරදිකරුවන්ද කියා විභාග කර බලන්න නඩු දාන්න කිව්වා. මහාධිකරණය හමුවේ වරදකරුවන් වුණේ නැහැ. පසුව අභියාචනාධිකරණයට ගියා.එයිනුත් නිදහස් වුර්තා.බැඳුම්කරයට වැරදිකරුවන් කියා මේ අය කියනවා.ඊට නිවැරදි කරුවන් කියා උසාවිය කියනවා .මේ සම්බන්ධයෙන් කතා කරමින් නොසිට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඇපෑලක් දාන්න.අනුර කුමාරට වුවමනා නම් එතුමාගේ නීතිඥයන් ඊට යවන්න පුළුවන්.