rathgama-election-matter

රත්ගම ආසනයේ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ නම නිවැරදි වූවත් ඒ සමග ඇති හැදුනුම්පත් අංකය වැරදියට මුද්‍රණය කර තිබීම නිසා ඔවුනට ඡන්දය නොදමා ආපසු යාමට සිදුවූ බව වාර්තා විය.



අම්බලන්ගොඩ මාදම්පාගම සහ ඒ අවට ගාම නිලධාරී වසම් කිහිපයක ඡන්ද දායකයන් රැසකටම මේ අකටයුත්තට මුහුණදීමට අද (21) සිදුවූ බව පැවසිණි.
ඔවුනගේ ඡන්ද පතිකාවේ හැඳුනුම්පත් අංකය වැරදියට සටහන් වී තිබුණ නමුත් එම පතිකාවේ නම නිවැරදි බව පැවසුණ අතර එසේ වුවත් ඡන්දය දීමට එම ජනතාවට එම ඡන්ද මධස්ථානයෙන් ඉඩ නොදුන් බව කියැවිණි.
 මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කරන බව මේ අසාධාරණයට ලක්වූ ජනතාව කීහ.

(එම්.සුසිල් පියන්ත)