ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගාසිටුවීම සඳහා ව්‍යවසායකයන් ලබා දෙන දායකත්වය ඉතා වැදගත්. පිටු තිස් අටකින් සමන්විත ‘සැමට ජයක්’ ලෙස නම් කර ඇති අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙරට ව්‍යවසායකයින්ට ඉතා අනගි ඉඩක් වෙන් වෙන් කර තිබීම අනාගතයට සුබ ලකුණක් . 


ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා අඩු පොලියට අවම කොන්දේසි යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවලට විධිමත් ප්‍රවේශයක් ලබා දීම සඳහා සංවර්ධන බැංකු ක්‍රමවේදයක් හඳුන්වා දීම .
ප්‍රමිතියෙන් ඉහළ පොහොර රු 5000කට ලබා දීම
අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම .
දේශීය හා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග සම්බන්ධ වීමට ඉඩ සලසන කෘෂිකාර්මික තොරතුරු වෙළෙඳපොළක් ක්‍රියාත්මක කිරීම .
ධීවර කර්මාන්තයේ යෙදෙන තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ඉලක්ක ගත පුහුණු  අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම .
අනුරාධපුර ,හම්බන්තොට, මොනරාගල පොලොන්නරුව හා යාපනය ප්‍රදේශ වල අපනයන සංවර්ධන කලාප පිහිටුවීම වැනි ව්‍යවසායකත්වයට පුනර්ජීවයක් ඇති කරන ක්‍රියා පිළිවෙත් රැසක් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් .
රටක් දියුණු කිරීම ප්‍රායෝගිකව සිදු කරන්නේ කෙසේ දැයි කියාපාන සැබෑම ප්‍රතිපත්ති මාලාව මේ වනවිට සමගි ජනබලවේගය විසින් රටට හඳුන්වා දී තිබෙනවා .