sakuna-sadeeshan-samarawicrema

 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු දසදෙනා අතර සිටින්ගේ එක් සිසුවෙකු පමණි. අනෙක් නවදෙනාම සිසුවියන් වීම විශේෂත්වයකි.
මෙලෙස 10 දෙනා අතර සිටින එකම සිසුවා වන්නට වරම් ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සකුණ සදීශාන් සමරවික්‍රම  සිසුවාය.

සකුණ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, කැඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන අතර විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකුව සිටි.
විද්‍යා­ලයේ බාහිර ක්‍රියා­කා­ර­කම් සහ විෂය සම­ගාමී ක්‍රියා­කා­ර­කම් බොහෝ­ම­ය­කට සම්බ­න්ධව සිට ඇති සකුණ පාඩම් වැඩ මෙන්ම පොත­පත කියැ­වී­මට ද මහත් කැමැ­ත්තක් දක්වන ලදි. මිහිර, විදු­සර සහ විජය පුව­ත්පත් කියැ­වී­මෙන් සකුණ දැනුම එක්ක­ර­ගෙන තිබේ.


මෙතරම් ක්‍රියාශීලි ශිෂ්‍යෙයකු වුවත් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී සකුණ මුහුණ දුන් විශාලම අභියෝගය වූයේ ඩෙංගු රෝගය වැලඳී මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවීමය.

කෙසේ වෙතත් අධිෂ්ඨානශීලීව කටයුතු කළ සකුණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විභාගයට පෙර දිනයේ නිවසට පැමිණ විභාගයට මුහුණදීමට කටයුතු කර තිබුණි.

එවැනි අභියෝග මධ්‍යයේ පළමු 10 දෙනා අතරට ඒමට සකුණට හැකි වූයේ ඔහුගේ උනන්දුව සහ දැඩි කැපවීම ම නොවේද?.

පියා මාතර රාහුල විද්‍යා­ලයේ හිටපු විදු­හ­ල්ප­ති­ව­රයා මෙන්ම වර්ත­මා­නයේ වල­ස්මුල්ල කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා ද වන සුදත් සම­ර­වි­ක්‍රම මහ­තාය. මව වූ සුරංජි රණ­සිංහ මහ­ත්මිය පෙර පාසල් ගුරු­ව­රි­යක් මෙන්ම ඉංග්‍රීසි උප­කා­රක පන්ති ගුරු­ව­රි­යක් ලෙස ද කට­යුතු කරයි. එකම මල්ලී වන ඉසිර සදී­ශාන් ශිෂ්‍යත්ව විභා­ග­යෙන් සමත්ව මාතර රාහුල විද්‍යා­ලයේ 8 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබයි.

සකුණ මේ වනවිට වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටි.වෛද්‍යවරයෙකු වීමේ සිය අරමුණ කරා යාමට මේ වන විටත් ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරමින් සිටීයි.