second-test-cricket-defeat

සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය.



ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකිවිය.

මෙම තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 22කට පසු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ලැබූ පළමු පරාජය ලෙසයි.

අද අවසන් වූ තරගයද ඇතුළුව දෙරට අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ තරග 09ක් පැවැත්වී ඇති අතර, ඉන් 2002 වසරේ සිට මීට පෙර පැවති තරග පහම ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියේය.