විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගිවීමට ගිය පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් රියැදුගේ පාලනයෙන් මිදී පෙරළී යාමෙන් එහි ගමන්ගත් දැරියක මියගොස් විසිදෙදනකු තුවාල ලබා ඇතැයි සිලාවතුර පොලිසිය පවසයි.



අනතුර සිදුවන මොහොත් එහි තිස්හත් දෙනෙකු ගමන් කර තිබේ.

පණ්ඩාරවේලි සිට මන්නාරම දෙසට ගමන් කරන අතරේ ට්‍රැක්ටරයේ ට්‍රේලරය ගැලවී පෙරළීයාමෙන් අනතුර සිදුවී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ රියාස් කානා නමැති පස්හැවිරිදි දැරියකි. තුවාල ලද විසිදෙදනා රෝහල්ගත කර තිබේ.

අනතුර සම්බන්ධව ට්‍රැක්ටර් රියැදුරා වන එම්. ඉක්‍රම් (25) නමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
(තුෂාර සම්පත් ජයරත්න)