මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4288 ක මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
මේ අතර විදේශගත ශ්‍රමිකයන් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශගත ශ්‍රමිකයන් එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණය මාසිකව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හතක කාලය පුරා එය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයන් සඳහා ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කටයුතු කරන බවයි.
(අශිකා ජයවීර)
0 Comments