tamil-party-sajith

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.අදාළ තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක් වත් තමා දැන සිටියේ නැතැයි පැවසූ සේනාරාධිරාජා මහතා,

එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව ප්‍රකාශ කළේය. එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසීය.


සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද, දෙතුන් දෙනකු ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා කීවේය. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්. ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂනේ මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාළ තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයිද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.