ළදරු හිපෝපොටැමස් කෙනෙකු නිසා තායිලන්තයේ රසිකයන් අතර උන්මාදයක් ඇති කරමින් සිටී.කාවෝ කෙවෝ විවෘත සත්වෝද්‍යානයේ සිටින 'මූ ඩෙංග්' යන නමැති ගැහැනු පිග්මි හිපෝපොටැමස් මෙම අවධානය ඇති කර තිබේ. උගේ නමේ අරුත "පැන්නුම් පැටියා" යන්නයි. මාස දෙකක් වයසැති ගැහැනු පිග්මි හිපෝපොටැමස් අන්තර්ජාලය තුළ ප්රචලිතවී ඇති අතර තායිලන්තයේ පතායා නගරය අසල පිහිටි මෙම කාවෝ කාවෝ සත්වෝද්‍යානයේ මේ සතා නරඹන්නට දිගු පෝලිම් ඇතිකර තිබේ.
ජූලි මාසයේ ඇයගේ උපතින් පසු නරඹන්නන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව කාවෝ කෙවෝ විවෘත සත්වෝද්‍යානය පවසයි.
නමුත් මූ ඩෙංග් බැලීමට පැමිණෙන විට හැසිරෙන ආකාරය පිළිබඳව සැලකිලිමත් වන ලෙස සත්වෝද්‍යානයේ අධ්යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මන්ද යත් සතාට අනිසි ලෙස සැලකීම පෙන්වන වීඩියෝ පට මතුව ඇති බැවිනි.
"මෙම හැසිරීම් කෲර පමණක් නොව අනතුරුදායක ද වේ," යැයි නරොංවිට් චොඩ්චොයි සඳහන් කළේය.
"අපි මෙම සතුන් ආරක්ෂා කළ යුතු අතර ඔවුන්ට ආරක්ෂිත හා පහසු පරිසරයක් තිබෙන බව සහතික කළ යුතුය."
සමාජ මාධ්‍යවල ඇති වීඩියෝවල පෙනෙන්නේ සමහර නරඹන්නන් මූ ඩෙංග් නින්දෙන් අවදි කර ගැනීමට උත්සාහ කරමින් කවච මත්ස්‍යයන් විසි කිරීම සහ ජලය විසි කිරීම පවා කරන ආකාරයයි.
සත්වෝද්‍යානය කූඩු වටා CCTV කැමරා සවි කර ඇති බවත්, ළදරු හිපෝපොටැමස්ට අනිසි ලෙස සලකන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් නරොංවිට් පැවසීය.
මූ ඩෙංග් බැලීමට සුදුසුම වේලාව ඇය අවදිව සිටින විටයි, ඔහු එකතු කළේය.
පිග්මි හිපෝපොටැමස්, නැතහොත් මිටි හිපෝපොටැමස්, බටහිර අප්‍රිකාවේ වාසය කරන විශේෂයක් වන අතර ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමය (IUCN) විසින් "වඳවීමේ තර්ජනයට ලක්ව ඇති" ලෙස වර්ගීකරණය කර ඇත. වනාන්තරවල 3,000කට අඩු සංඛ්‍යාවක් ඉතිරිව ඇතැයි විශේෂඥයෝ විශ්වාස කරති.
වනාන්තරවල පිග්මි හිපෝපොටැමස් 3,000කට අඩු සංඛ්‍යාවක් ඉතිරිව ඇතැයි විශේෂඥයෝ පවසති.
0 Comments