thalatha-athukorala-unp
පසුගියදා විශේෂ  ප්‍රකාශයක් කරමින් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඔහුගේ මැතිවරණ වේදිකාවට පැමිණ තිබේ.




ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජන රැලියට සහභාගී වී සිටින බව වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණයට පෙර එජාපය ප්‍රතිසංවිධානය කිරීමට එජාප මහලේකම් ධූරය තලතා අතුකෝරල මහත්මියට ලබාදීමට නියමිත  බවට පසුගියදා දේශපාලන ආරංචි පැතිරිණි.
තලතා අතුකෝරල මහත්මියගේ සොයුරා වූයේ නැසීගිය එජාප ජාතික සංවිධායක ගාමිණී අතුකෝරලයි.