thebuwana-incident

 ගල්පාත, පාතකඩ පලාහේන නිවසක් තුළදී සැමියාගේ අමානුෂික පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් දරු මවක් දින 12කට පසු මියගොස් ඇතැයි තෙබුවන පොලීසිය සඳහන් කරයි.සංදරාදුරාගේ අශෝක ද සිල්වා (52) තැනැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.



මරණකාරිය ඉකුත් 18 වැනිදා නිවසෙහි සිහිසුන්ව වැටී සිටියදී ඇයගේ බාල පුතා විසින් අසල්වාසීන්ට දැනුම් දීමෙන් අනතුරුව සුව සැරිය ගිලන් රථයක් මගින් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.එදින සිට එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය 29 වැනිදා මියගොස් තිබේ. මෙම පහර දීම සම්බන්ධයෙන් එයින් දින දෙකකට පසු මරණකරුගේ සැමියා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිර්මේදී බිරිඳට අතින් පයින් පහරදීමෙන් අනතුරුව හිස බිත්තියේ ගැසූ බවද ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 4 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර  ඇත. තෙබුවන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)