urubokka-heegoda-incident

ඌරු­බොක්ක ප්‍රාදේ­ශීය රෝහලේ ගිලන් රථයක්, මාතර හීගොඩ හන්දි­යේදී ලොරි රථ­යක ගැටී­මෙන් ගිලන් රථයේ ගමන් කළ වෛද්‍ය­ව­රයා, හෙද නිල­ධා­රි­නිය ඇතුළු පස් දෙනකු තුවාල ලබා ඇතැයි ඌරු­බොක්ක පොලි­සිය පව­සයි.



මේ අන­තු­රෙන් තුවාල ලැබූ පිරිස ඌරු­බොක්ක ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කර ඇති බවත්, ඔවුන්ගේ තත්ත්වය බර­ප­තළ නොවන බවත් පොලි­සිය පැවැ­සීය. ඉකුත් 27 වැනිදා සවස 3.40ට පමණ අවු­රු­ද්දයි මාස 06ක් වය­සැති දරු­වකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා ඇඹි­ලි­පි­ටිය මහ රෝහ­ලට ඌරු­බොක්ක ප්‍රාදේ­ශීය රෝහලේ ගිලන් රථ­යෙන් රැගෙන යමින් සිටි­යදී රෝහ­ලට හැරෙන හීගොඩ හන්දි­යේදී මාතර දෙස සිට ඌරු­බොක්ක දෙසට ප්‍රධාන මාර්ගයේ ධාව­නය කර­මින් තිබූ ජංගම බඩු ප්‍රවා­හ­නය කළ ලොරි රථ­යක ගැටී­මෙන් මේ අන­තුර සිදුව ඇති බව පොලි­සිය පැවැ­සීය.



අන­තුර සම්බ­න්ධ­යෙන් ලොරි රථයේ රියැ­දුරු පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, ඔහු රත්න­පුර, කුරු­විට, උඩ­වත්ත ප්‍රදේ­ශයේ පදිංචි 32 හැවි­රිදි අයකු බවට පොලි­සිය පැවැ­සීය. අන­තුරු සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් ලොරි රථයේ රියැ­දුරු මොර­වක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන බවත්, වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වන බවත් ඌරු­බොක්ක පොලි­සියේ රථ­වා­හන අංශය පැවැ­සීය.
(ඌරු­බොක්ක ඒ. පී. දයා­චන්ද්‍ර සහ කහවත්ත ලසන්ත නිරෝෂණ)