ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ෆැට්මන් ස්කූප් සිකුරාදා කනෙක්ටිකට් හි පැවති ඔහුගේ ප්‍රසංගයකදී ඇද වැටීමෙන් මියගියේය. මියයනවිට ඔහුගේ වයස 53 කි.
ඔහු කනෙක්ටිකට් හි හැම්ඩන් නගර මධ්‍ය උද්‍යානයේ පැවති ප්‍රසංගය අතරතුර ගීතයක් ගයන්නට පෙර මයික්‍රෆෝනයෙන් කතා කරමින් සිටි අතර වේදිකාවේ පසෙකින් තිබුණ ඩීජේ කුටිය වෙත ගමන් කරමින් එහි සිට යමක් කියද්දී එක්වරම කඩා වැටුණි.
වහා ක්‍රියාත්මකවූ වෛද්‍යවරු ඔහුට ප්‍රථමාධාර සපයා තිබූ නමුත් ඔහු රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව වාර්තා විය. මරණයට හේතුව පැහැදිලි නැතත් බැලුබැල්මට හදිසි හෘදයාබාධයක් පෙන්නුම් කළ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
නගරාධිපති ලෝරන් ගැරට් ෆේස්බුක් වෙත සටහනක් තබමින් කියා සිටියේ රැප් ගායකයාගේ හදිසි අවස්ථාවට හැකි උපරිමය කළ බවත් ගිලන් රථයකින් ප්‍රාදේශීය රෝහලකට ගෙන ගිය බවත් අවාසනාවකට මරණයට පත්ව ඇති බවත්ය.
ෆැට්මන් ස්කූප්ගේ සැබෑ නම Isaac Freeman III විය.
නිව් යෝර්ක්හි හාලෙම්හි පදිංචිකරුවෙකුවූ ඔහු 1999 Be Faithful සමඟින් කරලියට ආවේය. 2003 යුරෝපයේ එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ ප්‍රස්ථාරවල අංක එකට ඔහුගේ ගීත ඇතුළත් විය.
ස්කූප් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ මිසී එලියට්ගේ ලොස් කන්ට්‍රෝල් හි ඔහුගේ විශේෂාංග භූමිකාව නිසාය, එය 2005 නිකුත් විය.2006 ග්‍රැමී සම්මාන ප්රදානෝත්සවයේදී ඔහු පළමු සම්මානය දිනූ අතර මේ දක්වා ග්‍රැමී සම්මාන 3 ක් දිනා ඇත.
ස්කූප්, ජැනට් ජැක්සන් සහ විට්නි හූස්ටන් ඇතුළු ප්රමුඛ කලාකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ අයෙකි.ස්කූප් සංගීත ලෝකයේ ආදරණීය චරිතයක් වූ අතර, ඔහුගේ නිරූපිත කටහඬ ශක්ති සම්පන්න සහ විශිෂ්ට පෞරුෂයක් බවට ඇගයීමට ලක්විය.
අවාසනාවන්ත ලෙස ඔහු වේදිකාව මත ඇදවැටී මියගිය අයුරු වීඩියෝව පහතින්
0 Comments