vehicles-president-sec

 ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට අයත් වාහන නිසි ලෙස භාර නොදී තැන තැන ගාල්කර යෑම සම්බ­න්ධ­යෙන් විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන බව ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික වසන්ත සම­ර­සිංහ මහතා ප්‍රකාශ කළේය. අමා­ත්‍යාං­ශ­වල රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්, නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රුන් සහ ලේක­ම්ව­රුන් විසින් පරි­හ­ර­ණය කරන ලද සුඛෝ­ප­භෝගි රථ වාහන රැසක් ගාලු­මු­ව­දොර බාල­දක්ෂ මාවත අසල රථ ගාලට පෙරේදා (24) රැගෙ­න­විත් තිබිණි.

නව ජනා­ධි­ප­ති­ව­රයා පත්වී­මත් සමඟ අමා­ත්‍යාං­ශය තුළ සිදු කර ඇති වෙන­ස්කම් රැසක් හේතු­වෙන් අමා­ත්‍යාං­ශ­වල පරි­හ­ර­ණය කරන ලද සුඛෝ­ප­භෝගි රථ වාහන ගාලු­මු­ව­දොර බාල­දක්ෂ මාවත අසල රථ ගාලට රැගෙ­න­විත් තිබූ අතර ඊයේ (25) දිනයේ ද වාහන රැසක් එම ස්ථාන­යට ගෙන එනු දක්නට ලැබිණි.

ජනා­ධි­පති ලේකම් කාර්යාල පරි­ශ්‍ර­යේදී ඊයේ (25) මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් වසන්ත සම­ර­සිංහ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද සඳ­හන් කළේය. ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට අයිති වාහන 833ක් පිළි­බඳ තොර­තුරු ලේඛ­න­වල තිබෙ­නවා. ඒ වාහන 833න් වාහන 29ක්, 2022 වන විටත් අතු­රු­දන්. අපි අහ­නවා මේ රටේ හිටපු ජනා­ධි­ප­ති­වරු රනිල් වික්‍ර­ම­සිංහ, මෛත්‍රී­පාල සිරි­සේන, ගෝඨා­භය රාජ­පක්ෂ, මහින්ද රාජ­පක්ෂ, චන්ද්‍රිකා කුමා­ර­ණ­තුංග මේ වාහන ගිලලා ද ගියේ. තමන්ට වග­කී­මක් තිබෙ­නවා තමන්ගේ ධුර කාලයේ තිබෙන දේපොළ ජන­තා­වට භාර දීලා යන්න. අනුර දිසා­නා­යක මහතා වැඩ භාර­ගෙන දවස් දෙකයි. අපි මේ වැඩ භාර­ගෙන දවස් දෙකට කියන්නේ මේ විස්තර. ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට අයිති වාහන 253ක් පිට ආය­ත­න­ව­ලට දීලා දුව­නවා. දැන් ඒවා තමයි මේ දුව­ගෙන ඇවිල්ලා තැන් තැන්වල නැව­තිලා තියෙන්නේ. මෙතන විත­රක් නෙමෙයි පද­නම් ආය­ත­නයේ තව නව­ත්තලා තිබෙ­නවා.

වංචාව දූෂ­ණය වගේම මේ නාස්ති­යත් නව­ති­න­වාට සාක්ෂි තමයි මේ. එත­කොට මේ වාහන වග­කීම් විර­හි­තව ගෙනත් දාලා තිබෙ­නවා. මේ වග­කීම් විර­හි­තව ගෙනත් දාපු අය. වාහන භාර­දීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙ­නවා. ඒ වාහන භාර­දුන්නේ කාටද? මේ පටන් ගත්තා විත­රයි. මහ බැංකු බැඳු­ම්කර වංචාවේ ඉඳන් පාස්කු ප්‍රහා­රයේ ඉඳන්, බාර් ලයි­සන් දීපු අයගේ දැන් ලිස්ට් එක එනවා අපි ළඟට. ඒක නිසා මේවාට අදාළ විධි­මත් පරී­ක්ෂණ පව­ත්ව­නවා.

මෙම තැන්වල නවතා ගොස් තිබූ වාහන යුරෝපා මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යන්ගේ නිරී­ක්ෂ­ණ­යට ද ලක්ව තිබිණි.

පසු­ගිය රජය යටතේ රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ගේ පරි­හ­ර­ණය හා ආර­ක්ෂාව වෙනු­වෙන් නිල වාහන 03කුත් රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ පෞද්ග­ලික ලේක­ම්ව­ර­යාට පම­ණක් නිල වාහ­න­යක් සහ සහාය කාර්ය මණ්ඩ­ලයේ අනෙ­කුත් නිල­ධා­රීන් සඳහා වාහන 02ක් පම­ණක් වන ආකා­ර­යට වාහන 06ක් ද එක් එක් රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාට හිමි වනවා. එහිදී රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ගේ නිල වාහන සඳහා මස­කට පෙට්‍රල් වාහ­න­ය­කට නම් ලීටර 500ක් හෝ ඩීසල් වාහ­න­ය­කට නම් ලීටර 500ක් ලෙස ද වන අයු­රින් අදාළ නිල රථ තුනට ඉන්ධන ලීටර 1500ක් හිමිව තිබිණි.

ජන­තා­වට ජීවත් වීමට පවා අසීරු වී ඇති අව­ස්ථා­වක රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් තිස්හත් දෙනකු පත්කර මේ ආකා­ර­යට ඔවුන් වෙනු­වෙන් වාහන වෙන් කිරීම තුළින් රටේ වැය බර තවත් ඉහළ ගිය බව ජන­තා­වගේ මතය වී තිබිණි.
(රක්ෂණ ශ්‍රියන්ත- ඡායා­රූපය - රුක්මල් ගමගේ)