wadduwa-incident

පවුල් ආර­වු­ලක් හේතු­වෙන් සිය බිරි­යගේ හිසට අත්පො­ර­ව­කින් පහ­රදී ඝාත­නය කර බිරියගේ වැඩි­ම­හල් සොයු­රි­යගේ හිස­ටද පොරොව පහ­රක් එල්ල කළ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව වාද්දුව පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ වාද්දුව පොතු­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යකු බව පොලි­සිය කීය.

පොරොව පහ­ර­කෑ­මට ලක්ව මිය­ගොස් ඇත්තේ වාද්දුව පොතු­පි­ටිය ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි හසිනි හංසනී රුව­න්ති­ලක නමැති 23 හැවි­රිදි එක්දරු මවකි.



මෙම අඹු­සැමි යුවළ අතර පසු­ගිය කාලයේ අඬ­ද­බර පැවති ඇති අතර, සති­ය­කට පමණ පෙර සිට බිරිය මාස දෙකක් වය­සැති බිලි­ඳිය සමඟ ඇයගේ මවගේ නි‍ෙව­සට පදිං­චි­යට පැමිණ ඇති බව සඳ­හන් වේ.

ඝාත­න­යට ලක්වූ කාන්තාව ඇයගේ වැඩි­ම­හල් සොයු­රිය සමඟ කිසි­යම් කට­යු­ත්තක් සඳහා සැක­කරු පදිංචි කුලී නි‍ෙව­සට ගොස් සිටි­යදී ඇතිවූ කතා­බ­හ­කින් පසු සැක­කරු දෙදෙ­නා­ටම අත්පො­ර­ව­කින් පහ­රදී ඇති බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව තිබේ. ඝාත­න­යට භාවිත කළ ලේ තැව­රුණු අත්පො­රව අදාළ නි‍ෙවස ආස­න්නයේ ඇති කර­පිංචා ගසක් අසල තිබී පොලිස් භාර­යට ගෙන ඇත.

පාන­දුර අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් පරී­ක්ෂණ සිදු­කි­රී­මෙන් පසු පාන­දුර වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් ජයන්ති පීරිස් මහ­ත්මිය ස්ථානීය පරී­ක්ෂ­ණය සඳහා පැමි­ණි­යාය.

සැක­කරු පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි චමිල් රත්නා­යක සහ සහ­කාර පොලිස් අධි­කාරි කමල් ජය­නෙත්ති යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චාමින්ද්‍ර කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ අංශ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ගයාන් කහ­ට­පි­ටිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පරී­ක්ෂණ පව­ත්වති.



එසේම, මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් කිරීම සඳහා අධි­ක­රණ නියෝග ලබාදී තිබු­ණද, එම සිරුර දින දෙක­කට ආසන්න කාල­යක් පාන­දුර මූලික රෝහලේ තැන්පත් කිරී­මට සිදුව ඇතැයි වාර්තා වෙයි.

මේ හේතු­වෙන් මිය­ගොස් ඇති කාන්තා­වගේ මාස දෙකක් වය­සැති එකම බිලි­ඳි­යද සමඟ අස­ර­ණව සිටින මර­ණ­කා­රි­යගේ මව වන ආශා මංජුලා මහ­ත්මිය ඊයේ (15) පැය ගණ­නා­වක් වාද්දුව පොලි­සියේ රැඳී සිට නැවත නි‍ෙව­සට හරවා යවා ඇති බව ඇය පැවසුවාය.

මේ පිළි­බඳ විම­සී­මේදී වාද්දුව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චාමින්ද්‍ර කුමාර මහතා සඳ­හන් කළේ මහේ­ස්ත්‍රාත් නියෝ­ගය ලබා­ගෙන ඇති නමුත් පාන­දුර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි විසින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පසු­දින සිදු­ක­රනු ලබන බව දැනුම් දී ඇති බවයි.

අප මේ සම්බ­න්ධ­යෙන් පාන­දුර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී කාර්යා­ල­යෙන් විම­සීම් කළ අව­ස්ථා­වේදී එහි සිටි නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේ එම මර­ණ­කා­රි­යගේ සිරුර සම්බ­න්ධ­යෙන් වන පශ්චාත් මරණ පරී­ක්ෂණ‍‍‍ය පසු­දින සිදු­කි­රී­මට ඔවුන් තීර­ණය කර ඇති බවයි.

(පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක,  හල්තොට- විනීතා මානෙල් ගමගේ, බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)