රුපියල් මිලියන150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛන සකස් කර අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් අවශ්‍ය වන සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. අදාළ කාන්තාව අන් අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන යොදා තිබෙන බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ව්‍යාජ ලේඛන සකස් කර ඉඩම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ අනුව මෙම සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 0112434504 දුරකතන අංකය මගින් වාණිජ අපරාධ විමර්ශන අංශයට හෝ 0112422176 දුරකතන අංකය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
0 Comments