වත්තල ශ්‍රී වික්‍රම මාවතේ හය මාසයක පමණ කාලයක සිට නේවාසිකව සිටි ඉන්දීය ජාතිකයකුගේ මළ සිරුර. ඔහු නැවතී සිටි කාමරයේ තිබී පෙරේදා (03දා) රාත්‍රී වත්තල පොලිසියට විසින් සොයාගනු ලැබීය.දොර අගුල් යොදා වසා දමා තිබූ කාමරයෙන් දුගඳක් හැමීම නිසා එම නේවාසික ස්ථානයේ භාරකරු වත්තල පොලිසියට දැනුම්දීමෙන් පසු පැමිණ පරීක්ෂා කළ අවස්ථාවේදී එම පුද්ගලයා ඇඳ මත උඩුබැලි අතට මිය ගොස් සිටිනු දැක ගන්නට ලැබී ඇත.
බෝඩිං කාමරයක පුද්ගලයකු මියගොස් ඇති බවට ලැබුණු
පැමිණිල්ලක් අනුව මෙම මෘත දේහය සොයාගත් බව වත්තල පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා පැවසීය.
මෙම මියගිය පුද්ගලයා වත්තල ශ්‍රී වික්‍රම මාවතේ කුලී
කාමරයක නැවතී සිට ඇති අතර එක දිගට එම කාමරයේ දොර දින කිහිපයක් වසා
තිබීම සහ කාමරයෙන් දුගඳක් වහනය වීම හේතුවෙන් නිවෙස් හිමියා එම කාමරයේ
දොර කඩා පරික්ෂා කිරීමේදී මෙම ඉන්දියන් ජාතිකයා කාමරය තුළ මියගොස්
සිටිනු දැක පොලිසියට දන්වා තිබේ.
මියගොස් ඇති ඉන්දියන් ජාතිකයා මාදම්පේ ප්රදේශයේ පෞද්ගලික
ආයතනයක සේවය කර ඇති අතර එම ආයතනයේ සොරකමක් සම්බන්ධයෙන් මොහුට
එරෙහිව අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතියි. ඒ හේතුවෙන් මෙම
ඉන්දියන් ජාතිකයාට ගුවන් ගමන් තහනමක් පනවා තිබූ බව පොලිසිය පවසයි.
එම අධිකරණ කටයුතු නිමවන තුරු මෙම ඉන්දියන් ජාතිකයා වත්තල නිෙවසක
බෝඩිංකාමරයේ නවාතැන් ගෙන සිට ඇති බවට අනාවරණය වී තිබේ.
වත්තල වැඩබලන මහේස්ත්‍රාත් හිලේරියන් ගුණවර්ධන මහතා ස්ථානීය පරීක්ෂණය පවත්වා අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම මහ රෝහලට යොමු කරන ලෙස නියෝග කර තිබේ.මෙම අවස්ථාවට ඉන්දීය මහ කාමසාරිස් කාර්යාලයීය නිලධාරිහු පිරිසක්ද පැමිණ සිටියහ.
මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (5) රාගම මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය. මියගොස් ඇත්තේ ශෂිකාන්ත් කුමාර් නමැති 26 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. මාදම්පේ, බොරකැලේ යකඩ ආශ්‍රිත පෞද්ගලික ආයතනයක රැකියාව කර ඇති අතර සොරකමක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇප පිට මුදාහරිනු ලැබූවකු බව කියයි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයෙන් තහනම් තිබූ නිසා මෙම කාමරයේ නේවාසිකව සිට ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
0 Comments