dalada-maliga-wedding

මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ විවාහ පූර්ව ඡායාරූපකරණයේ යෙදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ වී ඇති පොලිස් විමර්ශන යටතේ, ශ්‍රී දළදා මාලිගාවේ ආවේක්ෂණ කැමරා පද්ධතිය පර්ක්ෂා කිර්ම සඳහා

අධිකරණයෙන් ලද අවසරය මත, එහි විමර්ශන කටයුතු ආරම්භ වී තිබේ.




ඒ අනුව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාර්න්, ශ්‍රී දළදා මාලිගාවට ගොස් සිද්ධිය වූ දින ආවේක්ෂණ කැමරා පද්ධතියේ ඇති දර්ශන පොලිස් භාරයට ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම විමර්ශනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මහනුවර මූලස්ථාන පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකෙරෙමින් පවතී. එම දර්ශන අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සිදු කෙරෙන අතර, ශ්‍රී දළදා මාලිගාවේ කාරියකරවන කෝරාළවරයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
(ෂේන් සෙනෙවිරත්න)