7-crime-investigation

 මෙතෙක් විම­ර්ශන අව­සන්ව නොමැති ආන්දෝ­ල­න­යට තුඩු­දුන් ඝාතන, පැහැ­ර­ගෙ­න­යාම් සහ අතු­රු­දන් කිරීම් සම්බ­න්ධ­යෙන් වූ අප­රාධ විම­ර්ශන 07ක් ගැන කඩි­න­මින් විම­ර්ශන පැවැ­ත්වී­මට පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.



බැඳු­ම්කර වංචාව, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය, දිනේෂ් ෂාෆ්ටර් මහ­තාගේ මර­ණය, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­ප­ති­ව­ර­යාව සිටි මහා­චාර්ය රවි­න්ද්‍ර­නාත් සුබ්‍ර­ම­නි­යම් මහතා 2007 වසරේ දී නැ‍ඟෙන­හිර දී අතු­රු­දන් වීම, වැලි­ගම දී 2023 වසරේ දෙසැ­ම්බර් 31 වෙනිදා w 15 හෝට­ල­යට වෙඩි තැබීම, බම්බ­ල­පි­ටිය පොලිස් ස්ථානය ආස­න්නයේ දී මාධ්‍ය­වේදී තාරකී ශිව­රාම් හෙවත් ධර්ම­රත්න ශිව­රාම් පැහැ­ර­ගෙන ගොස් ඝාත­නය කිරීම, යාප­නයේ දී 2011 දෙසැ­ම්බර් 09 වෙනිදා ලලිත් කුමාර් හා කුගත් මුරු­ගා­නන්ද යන මහ­ත්වරු පැහැ­ර­ගැ­නීම හා අතු­රු­දන් කිරීම යන විම­ර්ශන ඒ අනුව කඩි­න­ම්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කළේය.



මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය විසින් ලබා­දුන් උප­දෙස් මත වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා විසින් මෙම අප­රාධ විම­ර්ශන 07 සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­න­යක් යොමු­ක­ර­මින් විම­ර්ශන ආර­ම්භ­කර ඇතැ­යිද නිහාල් තල්දූව මහතා පැවැ­සීය.

බැඳු­ම්කර වංචාව සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට අදාළ විම­ර්ශන සඳහා වැඩි­පුර නිල­ධා­රීන් යෙදවා වැඩි අව­ධා­න­යක් විම­ර්ශන සඳහා යොමු කරන ලෙසද පොලි­ස්ප­ති­ව­රයා අදාළ අංශ වෙත උප­දෙස් ලබා දී ඇති බව ද සඳ­හන්ය.

වැලි­ගම පිහිටි w 15 හෝට­ල­යට වෙඩි තබනු ලබන්නේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් කණ්ඩා­ය­මක් විසිනි. එම කණ්ඩා­යම වැලි­ගම w 15 හෝට­ල­යට වෙඩි තබන විට වැලි­ගම පොලි­සියේ කණ්ඩා­ය­මක් එහි යන විට සිවිල් ඇඳු­මින් අංක තහඩු වෙන­ස්කළ වෑන් රථ­ය­කින් ගොස් හෝට­ල­යට වෙඩි තැබූ පොලිස් කණ්ඩා­යම පළා­ය­මින් සිට ඇති බවත් එහි දී වැලි­ගම පොලි­සියේ නිල­ධා­රීන් පන්නා­ගොස් එම වෑන් රථ­යට වෙඩි තබා තිබුණි. එහි දී පොලිස් නිල­ධා­රි­ය­කුට වෙඩි වැදී ඇති අතර ඔහුව ආස­න්න­යේම ඇති වැලි­ගම රෝහ­ලට ඇතු­ළත් කර­නවා වෙනු­වට

කොළ­ඹට පළා­යාමේ අර­මු­ණින් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් අධි­වේගී මාර්ග­යට ඇතු­ළු­වී­මට උත්සහා දරා ඇතත් වෑන් රථයේ තොර­තුරු ඒ වන විටත් ගමන් කථන මගින් හුව­මා­රුවී තිබීම හේතු­වෙන් කොළ­ඹට පැන ගැනී­මට කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ට හැකි­යාව ලැබී නැත.

මේ නිසාම වැලි­ගම හෝට­ල­යට වෙඩි තැබුවේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් බව අනා­ව­ර­ණය වී තිබුණි. වෙඩි වැදුණු නිල­ධා­රි­යාව කඩි­න­මින් රෝහ­ල්ගත කිරී­මට නොහැ­කි­වීම හේතු­වෙන් ඔහු මිය­ගොස් තිබුණි.

වැලි­ග­මට හොර රහසේ පැමිණ හෝට­ල­යට වෙඩි තැබීම අද­ටත් අභි­ර­හ­සක් වන අතර එය සැඟ­වී­මට එව­කට සිටි පොලිස් ප්‍රධා­නි­යෙක් මෙන්ම ප්‍රබල දේශ­පා­ල­න­ඥ­යෙක් දැවැන්ත උත්ස­හ­යක් ගත් බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. කොළඹ අප­රාධ කොට්ඨා­සය නීත්‍යා­නු­කූල මෙහෙ­යු­ම­කට සහ­භා­ගි­වෙ­මින් සිටි­යදී වැලි­ගම පොලි­සියේ නිල­ධා­රීන් අනී­ති­කව වෙඩි තැබූ බවට චෝදනා නඟ­මින් වැලි­ගම පොලි­සියේ නිල­ධා­රීන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ද යම් පිරි­සක් දැඩි උත්ස­හ­යක නිරත වී තිබුණි.

එකළ දකුණු පළා­ත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත මහතා ඇතුළු නිල­ධා­රීන් කිහිප දෙන­කු­ගෙන් එල්ලවූ දැඩි විරෝ­ධය හමුවේ එම කට­යුත්ත අසා­ර්ථක වී තිබුණි. එම නිල­ධා­රීන් පෙන්වාදී තිබුණේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගත යුතු බවය. ඒ වෙනු­වෙන් එම නිල­ධා­රීන් විම­ර්ශන සිදු­ක­ර­මින් සිටි­යදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාත් මාතර කොට්ඨා­ස­ය­භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­ර­යා­ටත් හදි­සි­යේම ස්ථාන­මාරු නියෝග ක්‍රියා­ත්මක විය. ඒත් සමඟ එම විම­ර්ශන අඩ­පන වී තිබුණි.