නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් යුටියුබර් අශේන් සේනාරත්න ශේෂ්ඨාධිකරණයේගොනු කළ පෙත්සම අද දින (23) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


කොළඹ දිස්ත්‍රික්කයෙන් යූටියුබර් අශේන් සේනාරත්නගේ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා ලේඛනය අනවසර පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර ඇති බව පවසමින් මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබු අතර එය අද නැවත තහවුරු කරන ලදී.


මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සේනාරත්න තම කනස්සල්ල පළ කළ අතර, තමා එහි සිටියද, පිටත රැඳී සිටින ලෙස උපදෙස් දුන් බවත්, ඒ හේතුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බවත් පැහැදිලි කළේය.


නාම යෝජනා නිශ්චිත බලයලත් පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ යුතු බවත්, මෙම අවශ්‍යතාවයට අනුකූල නොවීම නුසුදුසුකමට හේතු වන බවත් මැතිවරණ කොමිසම පැහැදිලි කළේය.


නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සේනාරත්න පසුගිය සතියේ කොමිසමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම ගොනු කළේය.​​​​​​​​​​​​​​​​