Cyclone-Dana-hits-India-evacuates-one-and-a-half-million-people

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට, විශේෂයෙන් ඔඩිෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට බලපෑම් එල්ල කරමින් දැඩි සුළි කුණාටුවක් වන ඩානා දැනට ළඟා වෙමින් පවතී. මෙම කුණාටුව හෙට එනම් ඔක්තෝබර් 25 වන දින උදෑසන ගොඩබිමට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන අතර දැනටමත් සැලකිය යුතු සුළං වේගයක් හා දැඩි වර්ෂාපතනයක් ළඟාකරමින් පවතී.

කුණාටුවට සූදානම් වීම සඳහා බලධාරීන් පුළුල් ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඔඩිෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල අවදානම් සහිත වෙරළබඩ ප්‍රදේශවලින් මිලියන 1.5ක් පමණ ජනතාව ඉවත් කරමින් පවතී.
ඉවත් කරන ලද පුද්ගලයින් සඳහා ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම්වලින් සමන්විත තාවකාලික නවාතැන් ස්ථාපිත කර ඇති බව රජය දන්වා ඇත.
ඔඩිෂා රජය ජාතික ආපදා ප්‍රතිචාර හමුදා (NDRF) කණ්ඩායම් 20ක් සහ ගිනි නිවීමේ සේවා කණ්ඩායම් 200කට වැඩි සංඛ්‍යාවක් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇත.‍



අද ඔක්තෝබර් 24 වන විට,  ඩානා සුළි කුණාටු ඔඩිෂා වෙරළ තීරයේ සිට කිලෝමීටර 200ක් පමණ දුරින් පිහිටා තිබිණි. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පුරෝකථනය කර ඇත්තේ කුණාටුව තවදුරටත් තීව්‍ර වනු ඇති බවත්, ගොඩබිමට ළඟාවන විට සුළං වේගය පැයට කිලෝමීටර 100-120 (පැයට සැතපුම් 62-74) අතර වනු ඇති බවත්, දැඩි වර්ෂාපතනයක් සහ මීටර 2ක් දක්වා කුණාටු රළ පැමිණිය හැකි බවත්ය.

කුණාටුව මගින් බලේෂ්වර්, මයුර්බන්ජ්, බද්‍රක් සහ කෙන්ද්‍රපාරා ඇතුළු ඔඩිෂා දිස්ත්‍රික්ක පුරා අතිශය දැඩි වර්ෂාපතනයක්
අපේක්ෂා කරන අතර දකුණු සහ උතුරු පර්ගනාස් සහ කොල්කටා වැනි දිස්ත්‍රික්කවල ද සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
භුවනේෂ්වර් සහ කොල්කටා ගුවන්තොටුපොළවල ගුවන් ගමන් අවලංගු කිරීම සහ බලපෑමට ලක්වූ ප්‍රදේශවල දුම්රිය සේවා අත්හිටුවීම ඇතුළු ප්‍රවාහන කටයුතුවලට බාධා සිදුවනු ඇතැයි අපේක්ෂා කර ඇත.



මෙම සුළි කුණාටුව පැමිණෙන්නේ මෑත වසරවලදී මෙම කලාපයට බලපෑම් එල්ල කළ කුණාටු මාලාවකින් පසුවය.
මේ සමානවම ආ සුළි කුණාටුවක් නිසා 1999 දී ඔඩිෂා හි විශාල ජීවිත හානියක් ඇති කළ  අතර එම විනාශකාරී සුළි කුණාටුවෙන් ඉගෙන ගත් පාඩම්වලින් පෙර සූදානම්වීම සිදුකර හානි අවම වන්නට කටයුතු යොදා ඇත.
ඩානා සුළි කුණාටු ළඟා වීම නිසා දැනටමත් අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් පිළිබඳ සැලකිය යුතු ගැටලු ඇති කර තිබේ.