DJ-karunaratne-speaks

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා
කොළඹ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී  බෙදාහරින්නන්ට පොරොන්දුවූ ගණන් පවතින නිසා මිල සූත්‍රය මත මිල ගණන් පැවතීම මත ඉන්ධන මිල මේ ආකාරයට දිස්වන බවත් ඉදිරියට සංශෝධනය විය හැකි බවත් කියා සිටියේය. ඉන්ධන මිල සංශෝධන පිළිබඳ තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීම සහතික කිරීම සඳහා නියාමන කොමිෂන් සභාව වෙත භාරදීමට බලාපොරොත්තු වන කීය.



"පසුගිය 30 වැනිදා තෙල් මිල තීරණය කළේ පැවති මිල සූත්‍රයට.මෙරට තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් අත්‍යාවශ්‍ය වනවා. නියාමන කොමිසමකින් මිල සූත්‍රයේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වනවා.
වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. ඒ වගේම නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවයි. ඉදිරියේ දී කිසිදු තෙල් හිඟයක් ඇති වන්නේ නෑ. ”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින්
ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ඔහු සහතික විය.