රත්නපුර දිස්ත්රික්කයට තරග වැදීම සදහා රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයට පැමිණියද ඇය ආපසු හැරී ගොස් තිබෙනවා.
නාම යෝජනා පත්රයේ තමන්ගේ නම නොතිබිම හේතුවෙන් ඇය මෙසේ හැරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රත්නපුර දිස්ත්රික්කය සදහා තරග කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්රික් නායක හේෂා විතානගේ මහතා විසින් රත්නපුර දිස්ත්රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න මහතා වෙත භාර දුන්නා.
දමිතා අබේරත්න මහත්මියගේ නම නොමැතිව රත්නපුර දිස්ත්රික්කය සදහා සමගි ජන බලවේගය අද ( 11) නාමයෝජනා භාර දුන් බවයි වාර්තා වන්නේ.
0 Comments