නොවැම්බර් 5 වැනිදා ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට දැන් ඉතිරිව ඇත්තේ දින 10 ක් පමණක් වන අතර මුළු ලෝකයේම ඇස් ඒ දෙසට යොමු වී තිබේ.
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් මැතිවරණයේදී තමන්ට පක්ෂව ඡන්දදායකයින් දිනා ගැනීමට උපරිම උත්සාහයක් දරති. දැන්, තමන් කැමති අපේක්ෂකයාගේ ප්‍රකාශය ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශවයේම හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්රයේ තරු මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ.
මෙවර මැතිවරණයේදී ක්‍රීඩා සහ හොලිවුඩයේ ජනප්‍රිය තරු විශාල ප්‍රමාණයක් තම ප්‍රියතම අපේක්ෂකයින්ට විවෘතව සහය දැක්වීමට පටන් ගෙන තිබේ. ෆෝබ්ස් වාර්තාවකට අනුව ක්‍රීඩා සහ සිනමා තරු බලාපොරොත්තු වන්නේ මෙලෙස දේශපාලඥයින්ට සහය දීමෙන් එය තම රසිකයින්ට බලපෑමක් වන අතර මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකි බවයි.
කමලා හැරිස්ට ලැබෙන සහය
බිලියනපති පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් ඇතුළු ප්රමුඛ සංගීතඥයින් රැසක් කමලා හැරිස්ට සිය සහය පළකර ඇත. මේ අතර ජුලියා රොබර්ට්ස්,ස්ටීවී නික්ස්, විලී නෙල්සන්, බ්‍රිට්නි ස්පෙන්සර්, ෂෙර්, ලිසෝ, අෂර්, ඔලිවියා රොඩ්රිගෝ ස්ටීව් වන්ඩර්, මැජික් ජොන්සන්,
මෙගන් තී ස්ටැලොන්, කුවාවෝ සහ බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් වැනි ප්‍රවීණ ගායකයින් ද සිටිති.
හොලිවුඩ් නළු නිළියන් අතරින් ජෝර්ජ් ක්ලූනි, බාර්බරා ස්ට්රයිසන්ඩ්, ජේමි ලී කර්ටිස්, ජේන් ෆොන්ඩා, බෙන් ස්ටිලර්, මැට් ඩේමන් ,
සැමුවෙල් එල් ජැක්සන් , ටයිලර් පෙරී සහ රොබට් ඩි නීරෝ වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් ද හැරිස්ට සහය දක්වා ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන බරක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් ද හැරිස්ට සිය සහය ප්‍රකාශ කර ඇත. විශේෂයෙන්ම වයස අවුරුදු 100 ක් වන ජිමී කාටර් මහතා හැරිස්ට ඡන්දය දීම සඳහා එම වයස දක්වා ජීවත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.
ප්‍රකට වැඩසටහන් ඉදිරිපත්කරන්නියක වන ඔප්රා වින්ෆ්‍රේ ද හැරිස් වෙනුවෙන් පෙනී සිටියි.
ලොව ප්‍රසිද්ධ පොප් ගායිකා බියොන්සේ, සිකුරාදා හියුස්ටන් නුවර පැවැත්වෙන හැරිස් ප්රචාරක රැලියට සහභාගී වන බව වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. ඇගේ මව වන ටීනා නොල්ස් සහ ප්‍රවීණ ගායක විලී නෙල්සන් ද මෙම රැලියට එක්වනු ඇත. හැරිස් ප්රචාරක ව්‍යාපාරය තුළ බියොන්සේගේ "ෆ්‍රීඩම්" ගීතය දැනටමත් භාවිතා කරමින් සිටී.
ප්‍රවීණ ගායක ජේම්ස් ටේලර් උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ පැවති රැලියකදී හැරිස්/වෝල්ස් සහය දක්වමින් "You've Got A Friend" ගීතය ගායනා කළේය. ඔහු පෙරදී ප්රජාතන්ත්රවාදී ජාතික සම්මේලනයේ ගායනා කිරීමට නියමිතව තිබුණ ද, කාල සටහන් වෙනස්වීම හේතුවෙන් එය අවලංගු විය.
ප්‍රසිද්ධ නිළි සාරා ජෙසිකා පාකර් තම නිවසේ ජනේලයක හැරිස්/වෝල්ස් පෝස්ටරයක් ප්‍රදර්ශනය කරමින් ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් හි පළ කර ඇත. ඇය හැරිස්ට ඡන්දය දෙන හේතු විස්තරාත්මකව දක්වා ඇති අතර, තමා රඟපාන කැරී බ්‍රැඩ්ෂෝ චරිතය ද හැරිස්ට කැමති වනු ඇතැයි සඳහන් කර ඇත.
එමිනම් ඩිට්රොයිට් රැලියේදී ඔබාමා හඳුන්වා දෙයි
ග්‍රැමී සම්මානලාභී රැප් ගායක එමිනම්, අඟහරුවාදා රාත්‍රියේ ඩිට්රොයිට් හි පැවති හැරිස් රැලියේදී හිටපු ජනාධිපති බරක් ඔබාමා හඳුන්වා දුන්නේය. මිචිගන් ප්‍රාන්තයේ තරඟය තදින් පවතින මොහොතක මෙම සහය වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මාර්ක් කියුබන් සහ බිල් ගේට්ස් වැනි බිලියනපතියන් හැරිස්ට සහය දක්වන අය අතර වේ.
ට්‍රම්ප්ට ලැබෙන සහයජේසන් ඇල්ඩීන්,සැචරි ලිවි,ලී ග්රීන්ඩුඩ්,ඇන්ටෝනියෝ බ්‍රවුන් හා ලෙවන් බෙල්,
UFC සභාපති ඩෑනා වයිට්, නළුවන් වන ඩෙනිස් ක්වේඩ්, ජොන් වොයිට් සහ සංගීතඥ කිඩ් රොක් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක් ට්‍රම්ප්ට සහය දක්වා ඇත.
ක්‍රීඩා ක්ෂේත්රයෙන් කන්සාස් සිටි චීෆ්ස් කණ්ඩායමේ හැරිසන් බට්කර්, හිටපු මල්ලවපොර ක්‍රීඩක හල්ක් හෝගන් සහ බොක්සිං ශූරයකු වන මයික් ටයිසන් ද ට්‍රම්ප්ට සහය දක්වා ඇත.
ප්‍රවීණ හොලිවුඩ් නළු මෙල් ගිබ්සන් TMZ වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දෙන බව හඟවා ඇත. හැරිස්ගේ දේශපාලන වාර්තාව "අසතුටුදායක" බවත්, ඇයගේ බුද්ධි මට්ටම ඉතා පහළ මට්ටමක පවතින බවත් ඔහු පවසා ඇත.
බිලියනපතියන් වන එලොන් මස්ක් සහ ස්ටීව් වින් වැනි ව්‍යාපාරික නායකයින් ට්‍රම්ප්ට සහය පළ කර ඇත.
0 Comments