CIS-School-girl-falls-death-from-Lotus-Tower

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) සිසුවියක අද (7) දහවල් නෙළුම් කුළුණේ නිරීක්ෂණ තට්ටුවෙන් බිමට වැටී මිය ගොස් ඇති බව වාර්තාවේ. තුන්වන තට්ටුවේ සිසුවියගේ සිරුර හමුවීමෙන් පසු නෙළුම් කුළුනේ 29 වන මහලේ පිහිටි නිරීක්ෂණ තට්ටුවේ මියගිය සිසුවියගේ සපත්තු කුට්ටමක් සහ පාසල් බෑගයක් තිබී සොයාගෙන ඇති බව පොලිසිය කීය.

සීසීටීවී දර්ශන වලට අනුව, දැරිය කුළුණේ 29 වන මහලෙන් පැන  ඇති බව කොළඹ නෙළුම් කුළුණු කළමනාකරණ සමාගම (පුද්ගලික) සමාගම තහවුරු කළේය.



මූලික පරීක්ෂණ වලට අනුව එය සියදිවි නසා ගැනීමක් බවට සැක කෙරෙන බව පොලිසිය පැවසීය.

මියගිය සිසුවිය වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයසැති අයෙකු බව විශ්වාස කෙරේ.

තනිවම නෙළුම් කුලුණ වෙත පාට ඇඳුමින් සැරසී පැමිණි ඇය 29 වන මහලේ සිට තෙවන මහලට වැටී තිබේ. කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) 11 වන ශ්‍රේණියේ සිසුවියක මෙලෙස මියගොස් තිබුණි. පොලිස් පරීක්ෂණ සිදු වෙමින් පවතී.

මේ අතර, නෙළුම් කුළුණේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව නෙළුම් කුළුණු කළමනාකරණය ප්‍රකාශ කළේය.මීට මාස කිහිපයකට උඩදී අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් බිමට වැටී සිසු යුවළක මියගොස් තිබුණ අතර ඔවුන්ද ​මෙම ජාත්‍යන්තර පාසලේම සිසු යුවළක විය.