එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන පොදු සමා කාලය වෙනුවෙන් සක්‍රීයව තම දායකත්වය දෙමින් සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට සේවා දීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පියවර ගෙන තිබේ.
පසුගිය මස (සැප්තැම්බර්) 01 වැනි දින සිට මේ මස 31 වැනි දින දක්වා ප්‍රකාශ කර ඇති පොදු සමා කාලය වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය සක්‍රීයව තම දායකත්වය දෙමින් සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට සේවා දීමට පියවර ගෙන තිබෙන අතර, ඒ අනුව පසුගිය මස (සැප්තැම්බර්) 01 වැනි දින සිට මේ මස 17 වැනි දින දක්වා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සපයා ඇති සේවා රැසක් ඒ අතර වන බව කියා සිටී.
සාමාන්‍ය කොන්සියුලර් වේලාවන් සහ විශේෂ පොදු සමා කාල සේවාවලදී ශ්‍රී ලාංකිකයන් 6,776කට සේවා සපයා ඇති අතර, නව ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයැදුම්පත් 907ක් භාරගෙන ඇත. පොදු සමා කාලයේ මෙරටින් පිටවීමට තාවකාලික ගමන් ලියවිලි (TTD) 761ක් නිකුත් කර තිබෙන අතර, කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම පරිදි විශේෂයෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ෆිට්ස් එයාර් ගුවන් සමාගම විසින් ස්ථාපිත කර ඇති කවුන්ටරෙන් ශ්‍රී ලාංකිකයන් 835 දෙනකු සහන පදනම මත ගුවන් ටිකට්පත් ගෙන ඇති බව ද
එම කොන්සල් ජනරාල් කාර්යාලය කියයි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය මේ මස 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිත නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරන පිටවීමේ සහතිකය දීමට ද කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති හෝ ශ්‍රී ලාංකිකයන් හෙට (25) හෝ ඊට ප්‍රථම තමන්ට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයැදුම් කිරීමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලීමක් කරයි.
මේ පොදු සමා කාලයේ සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමට කොන්සල් ජනරල් කාර්යාලය කැපවී සිටින බව දන්වා සිටින අතර, මේ පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙස දන්වා සිටී. එසේ නොහැකි ශ්‍රී ලාංකිකයන් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යෑමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද ඉල්ලීමක් කරයි.
(මහින්ද අලුත්ගෙදර)
0 Comments