රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (21) අභාවප්‍රාප්ත වූ ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතාගේ අවසන් කටයුතු නියදගල පොදු සුසාන භූමියේදී අද (23) පස්වරු 2.00ට සිදු කෙරේ.
ජනප්‍රිය සරල ගීත ගායකයකු වු ඒ මහතා මිය යන විට 59 වැනි වියේ පසුවිය.
'තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි', 'හදවතින් සෙනෙහස පුරා', 'මා ගයන ගීතයේ', 'ඔබ වෙනුවෙන් මේ ලෝකයේ', 'රැයක දුටුව සිහිනයක් ලෙසින්', 'දයාබර දිලූ කියා' ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඒ මහතා ගුවන්විදුලියේ සරල ගී ගායකයකු ලෙස ජනාදරය දිනා ගත්තේය. කලක් එළිමහන් සංගීත ප්‍රසංග සඳහා නැතුවම බැරි ගායන ශිල්පියකු ලෙස ද ඔහු ප්රකටව සිටියේය.
දෙදරු පියකු වූ අජිත් ආරියරත්න මහතාගේ දේහය මේ වන විට හෝමාගම, පිටිපන ඉන්ද්‍රා මල් ශාලාවේ තැන්පත් කර ඇත.
0 Comments