ajith-mannaperuma

සමගි ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රික් අපේ­ක්ෂක නාම­යෝ­ජනා ලයි­ස්තුවේ සිය නම ඇතු­ළත්ව තිබු­ණත් තමන් මෙවර මහ­මැ­ති­ව­රණ ඡන්ද සට­නෙන් ඉව­ත්වන බව එම පක්ෂයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අජිත් මාන්න­ප්පෙ­රුම මහතා පව­සයි.

නාම­යෝ­ජනා පත්‍ර­යට අත්සන් තබා පැය විසි­හ­ත­රක් ඉක්ම­යා­ම­ටත් පෙර කිසිදු සාක­ච්ඡා­ව­කින් තොරව ගම්පහ ආසන සංවි­ධා­යක ධුර­යෙන් තමන්ව ඉවත් කිරීම හේතු­වෙන් මෙම තීර­ණ­යට එළැඹි බව ද මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් ඒ මහතා සඳ­හන් කළේය.‍ අජිත් මාන්න­ප්පෙ­රුම මහතා ගම්පහ නග­රා­ධි­ප­ති­ව­රයා ලෙස වසර නව­යක් සේවය කර ඇති අතර සමගි ජන බල­වේ­ගයේ ගම්පහ ආසන සංවි­ධ­යක ලෙස වසර හත­රක් කට­යුතු කර ඇත. ගම්පහ දිස්ත්‍රික් මන්තී­ව­ර­යෙක් ලෙස තවත් වසර 12ක් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ ඒ මහතා දැරූ සමගි ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවි­ධා­ය­ක­ධු­රය සඳහා පත් කර ඇත්තේ වරුණ රාජ­පක්ෂ මහ­තායි.



පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහ­තාගේ මැති­ව­රණ කට­යු­තු­ව­ලට කිසිදු දාය­ක­ත්ව­යක් නොදැක්වූ, රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මැති­ව­රණ කට­යුතු වෙනු­වෙන් කැපවූ පුද්ග­ල­යෙක් තමන් වෙනු­වට ගම්පහ දිස්ත්‍රික් ආසන සංවි­ධා­යක ධුර­යට පත් කර ඇතැයි ද හිටපු මන්ත්‍රී­ව­රයා මාධ්‍ය හමු­වේදී පෙන්වා දුන්නේය.

සමගි ජන බල­වේ­ගයේ පක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාව දැඩිව විවේ­චනය කළ හිටපු මන්ත්‍රී­ව­රයා සඳ­හන් කළේ සැබෑ නාය­ක­යෙක් දුර­ක­ත­න­යට පිළි­තුරු නොදී සැඟව නොසි­ටින බවයි.

ආසන සංවි­ධා­යක ධුරය වෙනස් කිරී­මට පෙර තමන් සමඟ සාකච්ඡා නොකර බිය­ගු­ළුව සැඟ­වුණු, ප්‍රශ්න­ය­කට මුහුණ දීමේ හැකි­යා­වක් නැති නාය­ක­ත්ව­යක් යටතේ තව දුර­ටත් කට­යුතු නොකි­රීම සිය තීර­ණය යැයි ද ඒ මහතා කීවේය.
සජිත් තීන්දු ගන්නේ පාසල් බස් රථ, සුහුරු පන්ති කාමර සඳහා අනුග්‍රහය සැපයූ ව්‍යාපාරික කණ්ඩායමක බලපෑමට යටත්ව බවද ඔහු කීය.
අධ්‍යා­ප­නය ලැබූ­වන්ට අක­මැති, බිය­ගුළු ලෙස සැඟ­වෙන නාය­ක­යෙක් ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත්කි­රී­මට ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී කළ උත්ස­හය සම්බ­න්ධ­යෙන් ජන­තා­ව­ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.
තමා මැතිවරණ සටනින් මෙන්ම පක්ෂයෙන්ද ඉවත්වන බව ඔහු කීය.