amaraweera-house-sirimawo-balika

 හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කොළඹ 7, පැජට් පාරේ පිහිටි නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දී තිබේ.



මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවත් එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කර තිබිම නිසා අද දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවය

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල නිවසින් අද (8) ඉවත් ව තිබේ.