angunukolapelessa-prison

අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි සිර­ක­රු­වන් බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ අත්අ­ඩං­ගු­වෙන් මිදී පැන­යෑම සම්බ­න්ධ­යෙන් බන්ධ­නා­ගාර නිල­ධා­රීන් තිදෙ­න­කුගේ වැඩ තහ­නම් කිරී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.

බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාගේ අනු­මැ­ති­ය­කින් තොරව මෙම සිර­ක­රු­වන් පිට­තට ගෙන ඇති අතර එසේ කට­යුතු කළ අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­රයේ ප්‍රධාන ජේල­ර්ව­රයා, පවි­ත්‍රතා කට­යුතු සඳහා සිර­ක­රු­වන් යොමු කළ දෙවන පෙළ ජේල­ර්ව­රයා සහ පවි­ත්‍රතා කණ්ඩා­යම භාරව සිටි නියා­ම­ක­ව­රයා මූලික විම­ර්ශ­න­යට යටත්ව මෙසේ රාජ­කාරි වැඩ තහ­න­ම­කට ලක් කර ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාතර සහ­කාර බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­රයා විසින් පැවැත්වූ මූලික විම­ර්ශ­නයේ නිර්දේ­ශ­යට අනුව මෙම නිල­ධා­රීන්ගේ වැඩ තහ­නම් කර ඇත.


අඟු­ණු­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටි සිර­ක­රු­වන් දස­දෙ­නකු පසු­ගිය 01 වැනිදා එම බන්ධ­නා­ගා­රයේ ප්‍රධාන ජේල­ර්ව­ර­යාගේ උප­දෙස් මත නියා­මක නිල­ධා­රි­යකු භාරයේ බන්ධ­නා­ගාර පිටත පරි­ශ්‍රයේ පවි­ත්‍රතා කට­යු­තු­වල යොදවා ඇති අතර, ඒ අව­ස්ථා­ව­කදී සිර­ක­රු­වන් සිව්දෙ­නකු බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ නීත්‍ය­නු­කූල අත්අ­ඩං­ගු­වෙන් මිදී පැන­ගොස් ඇත.


බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාගේ අනු­මැ­ති­ය­කින් හෝ විම­සී­ම­කින් තොරව පවි­ත්‍රතා කට­යුතු සඳහා මෙම සිර­ක­රු­වන් ආය­ත­න­යෙන් පිට­තට ගැනී­මට ප්‍රධාන ජේල­ර්ව­රයා කට­යුතු කර ඇති බව මූලික විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත. පැන­ගොස් ඇති සිර­ක­රු­වන් සිව්දෙනා අධි­ක­ර­ණයේ විස­ඳී­මට නඩු සහිත සිර­ක­රු­වන් වන අතර, වසර 21ට වැඩි සිර­ද­ඬු­ව­මක් හා විස­ඳී­මට ඇති නඩු 02ක් සහිත සිර­ක­රු­වකු ද ඒ අතර වේ. මෙලෙස පැන­ගිය සිර­ක­රු­වන් සිව්දෙ­නා­ගෙන් සිර­ක­රු­වන් තිදෙ­නකු නැවත අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වූ බව බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මාධ්‍ය ප්‍රකා­ශක) ගාමිණී බී. දිසා­නා­යක මහතා කියයි.
(බුද්ධිකා ඉඹු­ලාන)