anura-kumara-reply-easter-report

පාස්කු ප්‍රහාරයෙන් පසු වසර පහක් “කෝමා” තත්වයේ සිටි අය දැන් එකවරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලන්නේ සැබෑ පරීක්ෂණ වෙන අතකට හැරවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායකදී පැවැසීය.




කෝමා තත්වයෙන් එක්වරම අවදි වී කෑ ගසන පුද්ගලයාගේ සැබෑ වුවමනාව පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හඳුනාගැනීම නොව සැබෑ වරදකරුවන් සැඟවීම යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. පාස්කු වරදකරුවන්ගේ  කුලී කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ඉටුකරන බව කී ජනාධිපතිවරයා තම රජය එම බලපෑම්වලට හිර නොවී සැබෑ පරීක්ෂණය කර රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන බව සඳහන් කළේය.




මෙරට පරීක්ෂණ මෙහෙයවීම සඳහා අත්දැකීම් තිබෙන අය බඳවාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා වැළලී ගිය පරීක්ෂණ විධිමත් කිරීම සඳහා අවශ්‍ය වන ආයතන පද්ධතිය සක්‍රීය කර තිබෙන බව පැවැසීය. බලය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය මැතිරූ 2019 වසරේ ජාතිවාදය වපුරා කුරුණෑගල මහ රෝහලේ යුද්ධයක් ගැන කතා කළ අය දැන් කලබල වී සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.


 කෝමා තත්වයේ සිට අවදි වූ පුද්ගලයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කියන වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා බව කී ජනාධිපතිවරයා එම වාර්තා කර තිබෙන බවත් ඔහු දැනුම් දුන්නා. තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කර තිබෙනවා. ඊට අමතරව අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාටත් වාර්තාවක් යොමු කර තිබෙන බව දැනුම් දුන්නා.දෙකම විමර්ශන වාර්තා නොවේ යැයි ද මේ වන විටත් ඒවා අදාළ ආයතනවලට යොමු කර ඇතැයි ද පැවැසීය.




“රනිල් වික්‍රමසිංහ චැනල් ෆෝ නාලිකාවේ ගිය වීඩියෝ පටය පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා කමිටුවක් පත් කළා. එය කිසිසේත්ම විමර්ශන කමිටුවක් නොවේ. එය විසින් වාර්තාවක් දී තිබෙනවා.දෙවැන්න පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශවලින් යම් වැරැද්දක් සිදු වීදැයි විමර්ශනය කිරීම සඳහා තවත් කමිටුවක් පත්කර තිබෙනවා. එයත් විමර්ශන කමිටුවක් නොවේ. ඒ රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද කමිටු. ඒ කමිටු දෙක වාර්තාවක් ලබා දී තිබෙනවා. ඒ වාර්තා ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයටයි. ඒ වාර්තාවලට සිදුවූයේ කුමක්දැයි මා හිටපු ජනාධිපති ලේකම්වරයාන්ගෙන් විමසුවා. එහි එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ඔහු මට කිව්වා.


මහජන ආරක්ෂක  අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර තිබෙන බවත් ඔහු දැනුම් දුන්නා.

තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කර තිබෙනවා. ඊට අමතරව අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාටත් එක වාර්තාවක් යොමු කර තිබෙන බව දැනුම් දුන්නා.ඒ වාර්තා කිසිවක් රහස් වාර්තා නොවේ. ඒවා දැනටමත් අදාළ ආයතනවලට යොමු කර තිබෙන බව කිව යුතුයි.


හැබැයි රනිල් වික්‍රමසිංහ සමහර කමිටු හැදුවේත් ඔහුගේ වුවමනාව තිබුණේත් මේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමු කිරීම නොවේ. යටපත් කිරීමයි.ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට යට වන්නේ නැහැ. ඒ වගේම බාල්දි පෙරළන අයට ඉඩ දෙන්නෙත් නැතැයි ද ජනාධිපතිවරයා පැවැසීය. ජාතික ජන බලවේගයේ කටුනායක ජන රැලියට සහභාගී වෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)