anurakumara-speaks

‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව යටතේ අද තංගල්ල නගරයේ පැවති ජාජබ රැලියට එක්වූ ජනපති අනුර කුමාර දිසානායක මෙසේ කීවේය.

"ජාත්යන්තර මූල්ය අරමුදල හමුවුණු වෙලාවේ දී අපි ඔවුන්ට ඉතා පැහැදිලිව කිව්වා ජාතික ජන බලවේගයට තිබෙන ජනවරමේ ස්වභාවය මත අපිට සමහර දේවල් පිළිබඳ තීන්දු තීරණ ගන්න වෙයි කියලා.
ජන වරම තමයි අපිට අප පිටුපස එන බලය අපිට තිබෙන හයිය.
එනිසා මේ වෙනස්කම් සියල්ල කරන්න.එළඹෙන නොවැම්බර් මාසේ දාහතර වෙනිදා ශක්තිමත් ජනවරමක් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ලබාදෙන කරුණා කර කටයුතු කරන්න.



සමහර අය හීන දකිනවා අපි ඒ අයට. සිහින දැකීමේ අයිතියට බාධා කරන්නේ නැහැ. සිහින දකින්න පුළුවන්.
හැබැයි දැන් වහසි බස් දොඩවනවා. මාස තුනයි හයයි වැටෙයිලු පව්.

මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩ නගල.
මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැමදෙනාම තේරුම් ගන්න.
එහෙම නතර කරන්න බෑ. මේ කඩා වැටී තිබෙන රාජ්ය අපි ගොඩනගනවා.
සහතික වශයෙන් මේ රටේ දුප්පත් කමේ ගිලටීනයට හිරවෙලා තිබුණ ජනතාව එම දුප්පත් භාවයෙන් මුදවා ගන්නවා.
අපි ආරම්භයක් වශයෙන් ඔබ දන්නවා ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරය ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා.
ඔබ කරුණු ආර්ථිකය නංවන ජනතාවට සහාය දෙන්න වංචා දුෂණ අවම කරන්න විතරක් නෙවේ. කාර්යක්ෂම රාජ්ය සේවයක් අපි නිර්මාණය කරනවා.

අපි එළඹෙන වසර 5 ඇතුළත වැදගත් පරිවර්තනයක් අපේ රටට අපි ගේනවා.
ලංකාවේ මේ වෙලාවේ එම ක්ෂේත්රය බිහිවී තිබෙන ප්රභලතම විද්වතා.
අත්දැකීම් තියෙන කෙනා එයා තමන්ගේ රැකියාව සියල්ල අත්හැරලා ස්වෙච්ඡාවෙන් අපේ රටේ සමස්තය  ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘතියට නායකත්වය ලබාදෙන්න තව සතියක් දෙකකින් ආරම්භ කරනවා.

අපි අපේ ආණ්ඩුව පළමු කාලය නිමාවීමට පෙර අපේ රට සියලු පුරවැසියන්ට කාර්යක්ෂම රාජ්ය සේවයක් ලබාගන්න.
රජය වෙත තමන් ගේ කාර්යය පහසුවෙන් ඉටු කර ගන්න ඉඩ සලසනවා.බදු ගෙවන්නේ කොහොමද? බදු එකතු කරන්නේ කොහොමද ආධාරයක් ලැබෙන්නේ කොහොමද නේද? පාසල් දරුවන්ට යම් ආධාරයක් ලබා දෙන කොහොමද මේ සියල්ල?
තාක්ෂණය හරහා කිරීම සඳහා අවශ්ය වන පසුබිම අපි මේ පළමු ආණ්ඩු කාලය ඇතුළත ස්ථාපිත කරන අපේ රටේ නව යුගයකට නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා.
ෆයිල් ගොඩ ගහන රාජ්ය සේවයක් වෙනුවට ජනතාව රස්තියාදු වන රාජ්ය සේවයක් වෙනුවට
ගෙදර ඉඳන් රාජ්ය තමන්ගේ කාර්ය කරගන්න පුලුවන් තත්වයක් අරඹනවා.



පෝලිමේ ඉන්නෙ නැතුව පොහොර සහනාධාරය අස්වැසුම දරුවන්ට අවශ්ය මෙවලම් ටික මිලදී ගන්න.
මේ සියල්ල ගෙදර ඉඳන් කළ හැකි ඉතාමත් ශක්තිමත් ඩිජිටල්  රාජ්ය සේවාවක් බවටත් ශ්රී ලංකාව පරිවර්තන කරනවා. නූතන සියවසට ගැළපෙන ශ්රී ලංකාව මේ අවුරුදු 5 ඇතුළත ජාතික ජන බලවේගය ආණ්ඩු ගොඩනගනවා.

එකට අපි අලුත් අමාත්යාංශය ගොඩනැගෙනවා.
ඒ සඳහා තිබෙන විශාල අත්දැකීම් සහිත කණ්ඩායම් ස්වේච්ඡාවෙන් මතක තියාගන්න.
සමහර අයගේ වැටුප් ගණන අත්හරින එක ඇහුවම ඔබ පුදුම වෙයි.
මිලියන ගණන් වැටුප් ලබන අය ඔක්කොම අත්හැරලා ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ කාර්යභාරයට පණ පොවන්න සූදානමින් ඉන්නෙ.

ඒ වගේම අපේ ශ්රී ලංකාව 'ක්ලීන් ශ්රී ලංකා' පිරිසුදු ශ්රී ලංකා බවට පරිවර්තනය කරනවා.
හැම පුරවැසියන්ගේ මනෝභාවය ඊට හැඩගස්සනවා. පරිසර පද්ධතියට ආදරය කරන පිරිසිදුභාවය තියෙන.
කැළි කසළ තැනින් තැන නොදා යන් දාන්නේ නැති පරිසර පද්ධති ආදරය කරන තමන්ගේ රටේ සියල්ල ආරක්ෂා කරගන්න.
තමන්ගේ ආර්ථිකය විශාල හයියක් ගෙන දෙන තැනක් කරනවා.
ඒ සඳහා විශාල සැලසුම් ප්රමාණයක් අප සකස් කර තිබෙනවා.

අපි හිතනවා මේ අපි ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ. මේ රටේ පරිවර්තනීය යුගයක තමයි මේ පය තබලා තිබෙන්නේ.


සමහර අයගෙන් අපි පළිගන්නව කියල කියනවා. කිසිවෙකුගෙන් කාටවත් පළි ගන්න අයිතියක් නෑ.
නමුත් මහජනයාගේ දේපල කෝටි ප්රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනය නම් අපි ඉඩ දෙන්නේ නෑ.

හිටපු ජනාධිපති දෙදෙනෙකුට. ලබාදීලා තිබෙන වාහන 100 බැගින්.
ඇම්බුලන්ස් රථයක් ද ඇතුලත්ව.අපි ඔක්කොම ඉතා ඉක්මනින් භාර දෙන්න කිව්වා.
අපි දැනට කමිටුවක් පත් කර තිබෙන චක්රලේඛ සංශෝධනය කරලා.
කවුරුත් කලබල වෙන්න එපා.කවර හෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙනවා.
ආරක්ෂාවකින් ලේබලයට මුවා වෙලා ජනතාවගේ දේපළ නාස්ති කරන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.

ආසන්නම හිටපු ජනාධිපතිවරයා. අපට ලියුමක් එවලා තිබෙනවා. එතුමාට අවශ්යයි. කෝකියො දාසය දෙනෙක්.
වාහන 163. ඊට සමානව ආරක්ෂාවට 163 ක්.වාහන විසි ගණනක් දෙන්න ඕනද?
මෙරට මහජනයාගේ දන්නවා ඒ විදිහට නාස්ති කර ජීවිත ගත කරලා.
 ඒවා හිතන් ඉන්නෙ අයිතියක් ලෙස. පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලම දැන් හිතෙනව ඒක අයිතියක් කියල.
ඒක අයිතියක් නෙවෙයි. ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න දෙන්නෑ.
ආරක්ෂාවට තර්ජනයක් කියල නෑ බොරුවට නිවේදන දාන්න එපා. බොරුවට නිවේදන දාන්න එපා.
මේ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නයක් නොවෙයි තිබෙන්නේ.

මේ තියෙන මහජන දේපළ තමන්ගේ අයිතියක් ලෙස.
නාස්ති කිරීම සඳහා වන ප්රයත්නය නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපට ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජන බලවේගය ආණ්ඩු කරන්න.
තවත් ඒවා අපි ඉදිරියට කරනවා."