arjun-alocius-remand

 රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් වැට් බදු ගෙවීම් පැහැර හැරී යැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග නිකුත් කර තිබේ.


දේශීය ආදායම් දෙපාර්’තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.


රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක බැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර ඇත.වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.



අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙම නඩුව අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම දඬුවම නියම කළේය.