ashen-rejected

මෙවර මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වදින බවට පූර්ව ප්‍රචාරණයක් පැවති නමුත් පසුව එම අපේක්ෂකත්වය නොලැබී යාමෙන් පසු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා උත්සාහ කළ ප්‍රකට යූටියුබ් ක්‍රියාකාරී 27 හැවිරිදි අශේන් සේනාරත්න ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය අද ප්‍රතික්ෂේප වී තිබෙයි.
මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට ඔහුගේ නාමයෝජනාව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත භාරදීමට අද (11) ඔහු ගොස් තිබුනේ ස්වාධීන කණ්ඩායමේ නායකයා ලෙසිනි. ඔහුට පසෙකටවී සිටින්න යයි දන්වා පසුව කන්ඩායමේ ලේකම් වරයෙකුට නාමයෝජනා පත්‍ර ලබාදෙන්නට නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා දන්වා සිටි නමුත් එම අවස්ථාවේ තමා වෙනුවෙන් ලැයිස්තුවේ සිටි ලේකම්වරයා නාමයෝජනා ලබාදුන් පසු ඒවා ප්‍රතික්ෂේප වූ බව ටිකකින් දැන්වූ බවත් හේතුව ලෙස කියා සිටියේ පිළිගත් අයෙකු විසින් භාර නොදීම යන හේතු බව අශේන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.



 කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාමයෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.
මෙම සංසිද්ධියෙන් පසු කලකිරීමට පත් අශේන් සේනාරත්න තමා නීති ශිෂ්‍යයෙකු ලෙස නීතිය හදාරා තිබෙන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාට එරෙහිව නඩු මගට යන බවත් පවසා තිබෙන අතර උසාවියේදී හමුවෙමු යයි වීඩියෝවකින් පවසයි.
තමාට සජබ,එජාප මෙන්ම මාලිමාවේ පවා අපේක්ෂකත්වය ලබාගන්නට අවස්ථා තිබු නමුත් තමා ස්වාධීනව ඉදිරිපත්වූයේ අපක්ෂපාතී බැවින් යයි පැහැදිලි කළ අශේන් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව කියා සිටියේය.

ඔහු සිය කලකිරීම ප්‍රකාශ කළ වීඩියෝව පහතින්