අත්තනගල්ල, දඹුටුව ප්රදේශයේදී පෙරේදා (26දා) අත්තනගලු ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී අතුරුදන් වූ විසි හැවිරිදි තරුණයාගේ සිරුර ප්රදේශවාසීන්ගේ මැදිහත් වීම මත සිද්ධියෙන් පැය පහකට පමණ පසුව සොයා ගැනීමට හැකි වූ බව නිට්ටඹුව පොලීසිය සඳහන් කරයි.
හපුතලේ, තංගමල ප්රදේශයේ පදිංචිව සිටි කෝනේස්වරම් පවිත්රන් (20) නමැති අවිවාහක තරුණයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.අදාළ තරුණයා අත්තනගල්ල, දඹුටුව ප්රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මෙම ප්රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් රැකියාවට මෙම ප්රදේශයට මීට මාසයකට පමණ පෙර පැමිණ ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මොහු පෙරේදා 26 වැනිදා උදෑසන ඔහු සේවය කරන ස්ථානයේ තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග මෙම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම තරුණයා දියේ ගිලී අතුරුදන්ව තිබිණි. ඔහු සමග පුද්ගලයින් හත් දෙනකු දිය නෑමට ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පසුව ප්රදේශයේ තරුණ පිරිස් එක්ව පැය හතරක පමණ කාලයක් දැඩි පරිශ්රමයක් යොදා මළ සිරුර සොයා ගැනිණි. ගොඩගැණුනු මළසිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා වතුපිටිවල මූලික රෝහල කරා ගෙන යනු ලැබූ අතර මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය. නිට්ටඹුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
(මීරිගම - කාන්ති)
0 Comments